Header

Sri Lanka Army

Defender of the Nation

30th August 2019 08:13:58 Hours

“සාර්ථකත්වයේ රඳා පැවැත්ම සිදුවනුයේ නිවැරදි තොරතුරු මත සහ ඒ තුළින් ඉදිරි ක්‍රියාමාර්ග සකස්කරන ආකාරය මත බව” - යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2019’ හි පිළිගැනීමේ දේශණය සිදු කළ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා මෙම සම්මන්ත්‍රණය සැලසුම් කර ඇති බව අද (29) දින ප්‍රකාශ කළේය. එමෙන්ම එහිදී අප විසින් නිවැරදි තොරතුරු ලබාගන්නා ආකාරය සහ එම තොරතුරු මතින් ඉදිරි ක්‍රියාමාර්ගයන් සකස් කර ගන්නා ආකාරය පිළිබඳව මේ දක්වා අප ලබාගෙන ඇති අත්දැකීම් සමාන අදහස් ඇති ජාතීන් අතර බෙදාහදා ගතයුතු බව තමා තරයේ විශ්වාස කරන බවට ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ආරක්‍ෂක සමුළුවේදී එතුමන් විසින් සිදුකල පිළිගැනීමේ දේශනය පහතින් දැක්වේ

“කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය 2019 වෙනුවෙන් ඔබ සියලු දෙනා ඉතා සාදරයෙන් පිළිගැනීමට ලැබීම මාගේ ඉමහත් සතුටට හා ගෞරවයට හේතු වනවා.

මෙම ආරක්‍ෂක සමුළුව වෙනුවෙන් ඔබගේ සපැමිණීම මෙන්ම මෙම සම්මන්ත්‍රණයට 2010 වසර ආරම්භයේ සිට ඔබ ලබාදුන් දායකත්වයට සැබෑ සාක්ෂියක්ද වනවා. එය සැලසුම් කර ඇත්තේ අපගේ අත්දැකීම් බෙදාහදාගැනිම සඳහායි. ඒ තුළින් අපගේ සාර්ථකත්වයන් පමණක් නොව, එම කාල පරාසයන් තුළ අප විඳදරාගත් පරාජයන් පිළිබඳ මතකයන් හා අත්දැකීම් ද ඇතුලත් වනවා. එමෙන්ම නිවැරදි තොරතුරු ලබාගන්නා අයුරු සහ එම තොරතුරු සමාන අදහස් ඇති ජාතීන් අතර බෙදා හදා ගතයුතු බව අප තරයේ විශ්වාස කරනවා.

මෙම අවස්ථාවේදී අයින්ස්ටයින් වරක් කළ ප්‍රකාශයක් මට මතක් වෙනවා. “තුන්වන ලෝක සංග්‍රාමයේදී කුමන ආයුධ භාවිතා කරනු ඇත්දැයි ඔහු නොදන්නා නමුත් 4 වන ලෝක යුද්ධ සමයේදී ගල් හා සැරයටි භාවිතා කරනු ඇති බවට ඔහුට විශ්වාස” බව අයින්ස්ටයින් සඳහන් කර තිබුණා.

වර්තමාන සන්දර්භය තුළ අපි රොබෝ යුගයක් කරා ගමන් කරමින් සිටින අතර එය තාක්ෂණය වැලඳ ගැනීමට අපව පොළඹවයි. මම අයින්ස්ටයින්ගේ ප්‍රකාශය සමඟ එකග වූවත් සැකයකින් තොරව නවීණ තාක්‍ෂණය වැලඳ ගැනීමට එය මට බාධාවක් නොවේ.

මිනිසුන්, ග්‍රහලෝක සහ ලාභය යන කරුණු තුන ඇතුලත් ‘ත්‍රිපල් බොටම් ලයින්’ (Triple Bottom Line) සංකල්පය වැනි ආයතනික ලෝක චින්තනයෙන් මගේ මනස ද අභියෝගයට ලක්වනවා. ස්වෛරී ජාතියක එකම ආරක්‍ෂකයා වන සහ ජාතිය ගොඩනැගීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන හමුදාවක් ලෙස එහි අන්‍යනතාවය ආරක්‍ෂා කර ගන්නා අතරම නූතන හමුදාවේ අනාගතය එවැනි සංකල්පයන්ට අනුකූල විය යුතු බව මම තරයේ විශ්වාස කරනවා.

මා ඔබ සමඟ තබන අවසාන අදහස නම්, බහු සංස්කෘතික සමාජ පසුබිමක් තුළ හමුදාව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න සහ නොදන්නා දේ හෙළිදරව් කිරීමේදී ‘සංකීර්ණ න්‍යාය’ යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

මෙම වසරේ ආරක්‍ෂක සමුළුවට සහභාගී වන සියලු දෙනාටම වටිනා සහ ප්‍රීතීමත් අත්දැකීමක් පාර්ථනා කරන අතර තවද, මෙම වසරේ ආරක්‍ෂක සමුළුව සදහා සහභාගී වීම සඳහා සමුදුරු තරණය කර පැමිණි සියලුම විදේශීය නියෝජිතයින්ට මාගේ සුබ පැතුම් පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. තවද අනෝන්‍ය ප්‍රතිලාභ පිළිබඳ අර්ථවත් සංවාදයක් හා අදහස් හුවමාරු කර ගැනීමට ද මෙහිදි ඔබ හට ඉඩප්‍රස්තාව ලැබෙනු ඇත. Running sports | Men's Footwear