Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2019 12:55:54 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දැක්ම පිළිබඳ පැහැදිලි කරමින් “කිසිම හේතුවක් නිසා අපගේ ජාතික ආරක්‍ෂාව පාවාදීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතු” යැයි පැවසීය

නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සඳුදා (26) දින යුද්ධ හමුදා මුලස්ථානයේ හමුදා ලේකම් කාර්යාලයේ දී නිලධාරීන් අමතමින් සංවිධානය හා එහි නවීකරණය, ජාතික ආරක්‍ෂාව, ජාතිය ගොඩනැගීම, ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය, වෘත්තිකභාවය හා වෘත්තීය ප්‍රගතිය වැඩිදියුණු කිරීම, හමුදා සාමාජිකයින්ගේ හා පවුල්වල සුභසාධනය, විශ්‍රාමගැනීම හා අනාගත අපේක්‍ෂාවන් යන කරුණු හතක් යටතේ එතුමන්ගේ දැක්ම පිළිබඳ පැහැදිලි කළහ.

“මගේ විශ්වාසයට අනුව, අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශ හතරක් තිබේ. එයින් මම මුලින්ම අවධානය යොමු කරන්නේ රට අරක්‍ෂා කිරීමටත් දෙවනුව කැපී පෙනෙන ඉතිහාසයක් ඇති මේ රටේ ජනතාව ආරක්‍ෂා කිරීමයි. තෙවනුව, මාගේ ප්‍රමුඛත්වය වර්තමානය සහ අනාගතය සඳහා යුද්ධ හමුදාවේ සංවර්ධනය කිරීමයි. සිව්වනුව, මෙම සංවිධානයේ සියලුම සාමාජිකයින්ගේ සුභසාධනය පිළිබඳ සොයා බැලීම මට අතිශයින් වැදගත්ය. මගේ නායකත්වය යටතේ ඉහත කරුණු හතර කෙරෙහි අවධානය යොමු කරමින් යුද්ධ හමුදාව සංවර්ධනය කිරීමේ උපාය මාර්ගය අඛණ්ඩව අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරේ. කෙටි, මධ්‍යම හා දිගු කාලීන යන සැලසුම් තුනක් යටතේ එම අදියරයන් සාර්ථක කරගනු ඇත” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

“අපගේ සාර්ථකත්වයට යන ගමනේදී අප අවධානය යොමු කළ යුතු ප්‍රමුඛතා කිහිපයක් තිබේ. එයින් අපගේ ප්‍රමුඛතාවය ජාතික ආරක්‍ෂාවයි. කිසිම හේතුවක් නිසා අපගේ ආරක්‍ෂාව පාවාදීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුය. ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා අපගේ ප්‍රවේශය ඉතා පුළුල් විය යුතුය. මෙම ප්‍රයත්නයේ දී සමකාලීන හා නැගී එන තර්ජනවලට එරෙහිව සටන් කිරීමේ බලය, බුද්ධි අංශ සහ තාක්‍ෂණය වැඩිදියුණු කිරීම අත්‍යවශය වේ. විශේෂයෙන් බුද්ධි අංශ රැස්කරගත් කරුණු ඉතා වැදගත්ය. බුද්ධි අංශ සංවර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම මගේ න්‍යාය පත්‍රයට ප්‍රමුඛස්ථානය දී ඇත. සාම්ප්‍රදායික තර්ජනයන්ට වඩා අනාගතයේදී සාම්ප්‍රදායික නොවන හා අනපේක්ෂිත තර්ජනයන්ට අප මුහුණදිය යුතු බව පැහැදිලිය. මේ අර්ථයෙන් ගත් කල, අප නව තර්ජනවල මානයන් හඳුනාගත යුතුය. එසේම, අපගේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය, චිත්ත ධෛර්යය සහ සංකල්පීය දැනුවත්භාවය වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔවුන්ගේ යුධ කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුය. ”යැයි යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී පවසන ලදී.

“අතීතයට හොඳින් ගැලපුන අපගේ විසඳුම් වර්තමාන තත්වයට නොගැලපෙන හෙයින් අනාගත ගැටළු  සෑම අංශයකින්ම වෙනස් වනු ඇත. එමනිසා, අප වර්තමානයේ සහ අනාගතයේ ඇතිවන විවිධ තත්ත්වයන්ට විසඳුම් සෙවීමට අඛණ්ඩව අනුවර්තනය විය යුතුය.”

“අනෙක් අතට මහජනතාව හෝ යුද්ධ හමුදාව විසින් මූල්‍ය අක්‍රමිකතා සහ දේපල අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මම දැඩි ලෙස ක්‍රියා කරන අතර යුද්ධ හමුදාවේ යහපත සඳහා භාවිතා කිරීමට අපේක්‍ෂා කරන කිසිදු දෙයක් නිලධාරියෙකු අනිසි ලෙස භාවිතා නොකළ යුතුය. එමනිසා, ඔබගේ අණදීම යටතේ සිටින සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන් යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපතිවරයා ලෙස මා විසින් නිකුත් කරන ලද නියෝග හා උපදෙස් පිළිපැදීමට වගබලා ගත යුතුය. තවද, එය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය සහය ලබාදිය යුතුය. ”යැයි යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී පැවසීය.

“සෑම කෙනෙකුටම යුක්තිය ඉටු කිරීම සඳහා ස්වාභාවික යුක්තියේ මූලධර්මයන්ට අනුකූලව සියලු තීරණ ගන්නා ලෙස මම අවධාරනය කරමි. එසේ කිරීමෙන්, සලකා බලනු ලබන කාරණයට අදාළ පාර්ශවයන් කිසිවෙකු සමඟ පක්‍ෂග්‍රාහී නොවී අවසාන තීරණයට එළඹීමට පෙර විභාග කරනු ලැබේ. ” යැයි සැමට යුක්තිය ඉටු කිරීමේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අභිප්‍රාය පිළිබඳ සඳහන් කරමින් පැවසීය.

“මා පැමිණියේ මාතලේ බහු සංස්කෘතික විවිධත්වය ප්‍රායෝගිකව පැවති පසුබිමකයි. මගේ ළමා කාලයේ සිට පාසැල් කාලය දක්වා, මම ජීවත් වූයේ ඉවසිලිවන්ත සමාජයකයි. එම විවිධ ජන කොටස්වල සහෝදර සහෝදරියන් එකට ජීවත් වූ අතර මම අදටත් ඔවුන් ඇසුරු කරමි. මේ සඳහා, මා හැදී වැඩුණු සමාජය ජීවත් විය යුතු ආකාරය පිළිබඳව මට ඉගැන්නුවා. එබැවින් මෙම ගමනට නායකත්වයදීමට අවශ්‍ය සියලු පූර්ව අවශ්‍යතාවන්ගෙන් මම සන්නද්ධව සිටිමි. ” යැයි ජනවාර්ගික සමගිය ප්‍රවර්ධනය කිරීමේ සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ලුතිනන් ජෙනරාල් සිල්වා පැවසීය.

“අතීතයට හොඳින් ගැලපුන අපගේ විසඳුම් වර්තමාන තත්වයට නොගැලපෙන හෙයින් අනාගත ගැටළු  සෑම අංශයකින්ම වෙනස් වනු ඇත. එමනිසා, අප වර්තමානයේ සහ අනාගතයේ ඇතිවන විවිධ තත්ත්වයන්ට විසඳුම් සෙවීමට අඛණ්ඩව අනුවර්තනය විය යුතුය.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී නැවතත් අවධාරණය කළේය. latest Running | Air Jordan