Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2019 19:02:59 Hours

නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නික්මයන ජෙනරාල් මහේෂ් සේනානායක වෙතින් සංකේතාත්මක යෂ්ටිය පිළිගනී

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී අද (20) දින උදෑසන පැවති අභිමානවත් උත්සවයේදී 22 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කළ ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව නව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත සංකේතාත්මකව යෂ්ටිය පිරිනමමින් යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරදෙනු ලැබීය.

රථ පෙළපාලියකින් යුද්ධ හමුදා මුලස්ථානය වෙත සපැමිණි නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමාව, යුද්ධ හමුදා මුලස්ථානයේ මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී කර්නල් ප්‍රදීප් ගමගේ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අසලදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ද නික්මයන යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමන ලදී. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි නික්මයන යුද්ධ හමුදාධිපතිතුමන්ව, පෙළපාලියේ අණදෙන නිලධාරී විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ යුද්ධ හමුදා සාමාජිකයින්ගෙන් සැඳුම්ලත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකරන ලදී. යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ නාද රටා සමඟින් පැවැති මෙම වර්ණවත් අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු අනෙකුත් ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ.

නික්මයන යුද්ධ හමුදාධිපතිතුමන් හමුදා ලේකම් කාර්යාල පරිශ්‍රයේදී නව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ඉන් අනතුරුව, වසර දෙකකට අධික කීර්තිමත් සේවා කාලයක් අවසන් කර නික්මයන යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී සංකේතාත්මකව යෂ්ටිය නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත භාරදෙනු ලැබීය. යෂ්ටියක් භාවිතා කරන්නේ අධිකාරියට පත් අණදෙන නිලධාරීයෙකු වන බැවින් යුද්ධ හමුදාවේ වත්මන් අණදෙන නිලධාරියාට හිමි මෙම යෂ්ටිය සංකේතාත්මකව භාරදීම හමුදා ඉතිහාසයේ අණදීමේ නතතුර තවත් ඒ හා සමාන කෙනෙකු හට පැවරීම පිළිබිඹු කරයි. මෙම විසිතුරු යෂ්ටිය මගින් යුද්ධ හමුදාධිපතිවරයෙකුට පමණක් ක්‍රියාත්මක කළ හැකි අණදෙන අධිකාරිය නිරූපනය කරයි. මෙම සංකේතාත්මක අනුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේ වඩාත්ම ශුද්ධ වූ වැදගත්කම සහ යුද්ධ හමුදාව වෙත අණදෙන අධිකාරිය නියෝජනය කරයි.

යුද්ධ හමුදාවට තවත් මතකයක් එකතුකරමින් මිනිත්තු කිහිපයකට පසු යුද්ධ හමුදාධිපති කාර්යාලයේ ඇති නික්ම යන හමුදාධිපතිතුමන්ගේ ඡායාරූපය නිරාවරණය කිරීම සඳහා ද ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ආරාධනා කරනු ලැබීය. මෙම උත්සවයේ අවසානය සනිටුහන් කරමින් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිළයින් රැසක් එක්ව යුද්ධ හමුදාධිපති කාර්යාල පරිශ්‍රයේ දෙපස පෙල ගැසී නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සුභ පැතුම් එක් කළහ.

ජෙනරාල් මහේෂ් සේනානායක 2017 ජුනි මස 27 වන දින 22 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි ආරම්භ කළ අතර සියලු ජාතික අවශ්‍යතා, ව්‍යසන සහ හදිසි අවස්ථාවලදී තම හමුදාව දිරීගන්වමින් රටේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කරන ලදී. මීට අමතරව, ජනවාර්ගික හෝ ආගම් භේදයකින් තොරව භටපිරිස්වලට මෙන්ම සියලු රටවැසියන්ට උපරිම ප්‍රතිලාභ සැලසීම සඳහා යුද්ධ හමුදාව තුළ සහ පිටත ජාතික හා සංවිධානාත්මක ව්‍යාපෘති රාශියක් දියත් කිරීමට ද එතුමන් දායක විය. එතුමන්ගේ විවෘත ස්වභාවය සහ සියලු අභියෝග සඳහා සෘජු ප්‍රවේශය ජාතියේ ප්‍රශංසාවට ද ලක්ව ඇත.

නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමන් සිය ධුර කාලය තුළ ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය, ඉස්ලාමීය ත්‍රස්ත ක්‍රියාකාරකම්, ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම, ජනවාර්ගික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම, මානුෂීය සුභසාධන ව්‍යාපෘති, අඩු ආදායම්ලාභී පවුල් සඳහා නව නිවාස ඉදිකිරීම, ගංවතුර නායයෑම් හා වෙනත් ස්වාභාවික විපත්වලට ගොදුරු වූවන් මුදාගැනීම හා හදිසි සහන සේවා මෙහෙයුම් දියත් කිරීම මෙන්ම ජාතික මට්ටමින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ වැඩසටහන යටතේ විල්පත්තු වන උද්‍යානය නැවත රෝපණය කිරීමේ ව්‍යාපෘතියේ පුරෝගාමියා වූ අතර ‘උපායමාර්ගික කෝප්‍රල්වරයකු’ බිහිකිරීම මගින් ‘හැකියාව මත පදනම් වූ හමුදාවක්’ බවට පත් කිරීමට වෙහෙස නොබලා වැඩ කටයුතු කළේය. එතුමන් යුද්ධ හමුදාවෙන් තුනෙන් එකක් ආරක්‍ෂක කටයුතු සඳහාත්, තවත් තුනෙන් එකක් ජාතිය ගොඩනැගීම සඳහාත්, ඉතිරි කොටස පරිපාලන කටයුතු සඳහාත් වෙන් කර ඇති අතර, ඔහුගේ ගෞරවනීය සේවය මෑත කාලීනව උද්ගත වූ ත්‍රස්තවාදී තර්ජන සාර්ථකව මැඩපැවැත්වීම තුළින් යළිත් වරක් ප්‍රශංසාවට ලක් විය.

එතුමන් විසින් දියත් කරනු ලැබු දිවයින පුරා කෘෂිකාර්මික කටයුතු සිදුකළ හැකි ප්‍රදේශවල අතහැර දමා ඇති වැව් 500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා විශාල මහජන සහයෝගයක් ලැබී ඇත. එතුමන්ගේ පාලන කාලය තුළ යුද්ධ හමුදාවට ආපදා සහන සේවා සහ වෙනත් රාජකාරි විශාල වශයෙන් ඉටු කිරීමට සිදු වූ අතර එමඟින් සාමාන්‍ය ජනජීවිතය යථාතත්වයට පත් කිරීමට හැකිවිය. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මෙන්ම අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කළ එතුමන් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ ඩෙංගු මර්ධන වැඩසටහන්, නිවාස ප්‍රතිසංස්කරණය කිරීම් සහ නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතින් සඳහා ද දායකත්වය දැක්විය.

තවද, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සඳහා විදේශ සංචාර සහ පුහුණු පහසුකම් වැඩි දියුණු කිරීම, යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා දීමනා වැඩි කිරීම, පැරණි හෝ හානියට පත් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම, නිවාස ඉදිකිරීම, මළල ක්‍රීඩා හා අනෙකුත් ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම, ‘අංගම්පොර’ වැනි පුරාණ සටන් කලාවන් පුනර්ජීවනය කිරීම, යුද්ධ හමුදාව තුළ අධ්‍යයන ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම, හමුදා-සිවිල් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, විදේශ සබඳතා වැඩිදියුණු කිරීම සහ විදේශීය පුහුණු අවස්ථා වැඩි කිරීම මෙන්ම වඩා හොඳ නවාතැන් පහසුකම් ලබාදීම යන සුභසාධන ව්‍යාපෘතින් රැසක් ද එතුමන් විසින් දියත් කරනු ලැබීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් තම යුද්ධ හමුදා දිවිය තුළ සුහදශීලීත්වය හා විවෘත චතුර කථිකකත්වය තුළින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ මහජනතාව අතර ගෞරවාදරයට පත්ව ඇත. එතුමන් ජ්‍යෙෂ්ඨ නිලයින්ට ඉහළම ගෞරවයක් දැක්වූ අතර සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කළේය. තවද, විවිධ මට්ටමේ අණදීම්, මාණ්ඩලික මෙන්ම උපදේශක තනතුරු රැසක් හොබවා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් 22 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරී භරගැනීම සඳහා ආරධනා කරන අවස්ථාව වන විට ද එතුමන් විදේශගතව සිටියේය. best Running shoes brand | UOMO, SCARPE