Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2019 07:43:22 Hours

කිලිනොච්චියේ දී ‘අංගම්පොර’ සටන් කලා ගම්මානය පිහිටුවයි

වසර 5000 කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ‘අංගම්පොර’ ආදීවාසී ශ්‍රී ලාංකීක සටන් කලාව අඛණ්ඩව පුනර්ජීවනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය පුරාවෘත්තය පිළිබඳ දැනුම හා දක්‍ෂතාවය ලබාදෙමින්, එහි තවත් සුවිශේෂි පියවරක් ඉදිරියට තබමින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයට යාබදව පිහිටි ඉරානමඩු වැව් බැම්ම අසල ස්ථාපිත කරන ලද ‘අංගම්පොර’ සටන් කලා ගම්මානය ඉකුත් සිකුරාදා (26) දින පැවති විධිමත් උත්සවයකදී, චාරිත්‍රානුකූලව විවෘත කරන ලදී.

සංචාරක ආකර්ෂණය දිනාගත් පළමු ‘අංගම්පොර’ සටන් කලා ගම්මානය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් විවෘත කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික ආයුධ වන එතුනු කඩු, කඩු, යුධ පොරවවල්, කිනිසි හා අත්මුගුරු සමඟ ඒකාබද්ධව කරන සුවිශේෂී අත්-සටන්වලින් සමන්විත ‘අංගම්පොර රණශූරයන් සමඟ දිනක් ගත කළ හැකි’ සහ අනාගතයේ දී ඔවුන්ගේ දෛනික පුහුණුව පිළිබඳව හුරුපුරුදු විය හැකි සියලු අපේක්ෂකයින් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස මෙම ‘අංගම්පොර’ ගම්මානය පවත්වාගෙන යාහැකි බව කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය පැවසීය.

යුද්ධ හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක්කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රාජ්‍ය අනුග්‍රහය ඇතිව පානගොඩ හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අංගම්පොර පර්යේෂණ ආයතනය සහ පුහුණු මධ්‍යස්ථානය (AEITC) විවෘත කිරීම මෙන්ම පුහුණුව ලැබු යුද්ධ හමුදා අංගම්පොර සටන්කරුවන්ගේ කලඑලි මංගල්‍යය 2018 දෙසැම්බර් මස 04 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉන් අනතුරුව, අංගම්පෙර සටන් කලාව තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා පරාර්ථකාමී දායකත්වයක් දක්වමින් හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මෙන්ම කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති (විශ්‍රාමික) මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මෙම ව්‍යාපෘතියේ දෙවන අධියර ලෙස වෙද ගෙදර, යෝග අරණ, කඩවර තොරණ, සංහිඳ සහ උරගවල යන ආදීය මෙන්ම සටන්කරුවන් දෙදෙනෙකු එකිනෙකාගේ ශක්තියට අභියෝග කරමින් ආධිපත්‍යය සඳහා සටන් කරන අංගම්පොර සටන් කලා ගම්මානය ස්ථාපිත කිරීමට සුදුසුම ස්ථානය ලෙස කිලිනොච්චි ප්‍රදේශය තෝරාගන්න ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සැපමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමරුඵලකය නිරාවරණය කර ‘අංගම්පොර’ සටන් කලා ගම්මානය විවෘත කිරීමෙන් අනතුරුව අලංකාරවත් ‘උරගවලක’ සටන් සංදර්ශනයක් නැරඹීය. තවද,  අංගම්පොර සටන්කරුවන් විසින් ‘රවණා තාන්ඩව’ පිළිබඳ ප්‍රශංසාත්මක ගීතිකා ගායනා කිරීමෙන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟින් පුරාවිද්‍යා චක්‍රවර්ති විමලසාර ස්වාමින් වහන්සේ, මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අංගම්පොර සටන් කලා ගම්මානය නිරීක්‍ෂණය කරනු ලැබීය.

මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් ‘අංගම්පොර’ ගුරු රිටිගල පරපුරේ දේවින්ද ලක්සිරි හඳුන්වාදුන් අතර ඔහු සටන් කලාවේ ඉතිහාසය ආරාධිතයින්ට විස්තර කළේය. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා සාම්ප්‍රදායික චාරිත්‍රයක් ලෙස ‘වෙද ගෙදර’ තුළ සිටින දේශීය වෛද්‍ය තුමාව මුණගැසීමෙන් පසුව අංගම්පොර සටන්කරුවන්ගේ ‘අංගම්පොර’ සටන් කලා කුසලතා දැක බලාගන්නා ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් එතුමන් වෙත පිරිනමනු ලැබීය.

‘අංගම්පොර’ සටන් කලාව දේශීය ආත්මාරක්‍ෂක සටන් කලාවක් ලෙස ඉපැරණි ශ්‍රී ලාංකීක රාජකීයයන් භාවිතා කල අතර නිල සටන් කලාව, මායා අංගම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වෙදහෙදකම්, භාවනා ක්‍රම, නක්‍ෂත්‍රය ඇතුළු ලක්‍ෂණ රැසකින් ද මෙම සටන් කලාව සමන්විත වේ. විදේශිකයන් අප රට ආක්‍රමණය කල සෑම අවස්ථාවකදීම අංගම්පොර ශිල්පීන් විසින් විදේශිය හමුදාව වෙත නොසිතුවිරු අයුරින් ප්‍රහාරයන් එල්ල කරමින් විදේශිය හමුදා ශක්තිය විනාශ කර ඇති අතර භීතියට පත්වූ විදේශිය ආක්‍රමණිකයන් පසුකාලීනව ‘අංගම්පොර’ සටන් කලාව අප රට තුල භාවිතය තහනම් කර ඇත.

‘අංගම්පොර’ සටන් කලා ගම්මානය විවෘත කිරීමේ උත්සවය සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමායිනයහම් මහතා, මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන (විශ්‍රාමික), සේනාංකාධිපතිවරු, බලසේනාධිපතිවරු, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසුනිලයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගි වූහ. spy offers | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today