Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2019 07:54:00 Hours

‘සත්විරු අභිමන්’ ව්‍යාපෘතිය යටතේ ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ දරුවන්ට සුභසාධන ප්‍රතිලාභ බෙදාදෙයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ‘සත්විරු අභිමන්’ ව්‍යාපෘතියේ යටතේ මව්බිම වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ අත් පා අහිමි වු ආබාධිත රණවිරුවන්ට මෙන්ම සේවයේ යෙදී සිටින රණවිරුවන් ඇගයුමට ලක් කරමින් රුපියල් මිලියන 700 කට අධික වටිනාකමින් යුත් නිවාස, ඉඩම් සහ ශිෂ්‍යත්ව ඇතුළු දැවැන්ත සුභසාධන ප්‍රතිලාභ රැසක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා (22) දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැති උත්සවයකදී බෙදාදෙන ලදි.

මෙම දැවැන්ත සුභසාධන ව්‍යාපෘතියේදී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් දියත් කරනු ලැබු ‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියේ අවසන් අදියර යටතේ විරෝදාර රණවිරු ප්‍රතිලාභීන් 1504 දෙනෙකු වෙත නව නිවාස, ඉඩම් සහ රණවිරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වයෙන් රුපියල් මිලියන 2.5 ක් මුදලක් වැයකර නව නිවාස 25 ක් ඉදිකරන ලද අතර එම නිවාස මෙම උත්සවයේදී රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ සහ ආබාධිත රණවිරුවන්ගේ තෝරාගත් පවුල් වෙත පවරාදුන්හ. මෙම උත්සවයේදී, ප්‍රතිලාභීන් 925 දෙනෙකුට අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස නිම කිරීම සඳහා ‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියේ සහ ජාතික ආරක්‍ෂක අරමුදලේ ආදායමෙන් රුපියල් මිලියන 504.93 ක අති විශාල මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කරදුන්හ.

කොලොන්න, ආණමඩුව, ඇළහැර සහ මුන්දලම යන ප්‍රදේශවලින් ඉඩම් කොටස් 246 ක් විරෝදාර රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පවරා දී ඇති අතර ‘විරු සරු සිසු සැරිය’ ව්‍යාපෘතිය යටතේ රණවිරු දරුවන් වෙත රුපියල් මිලියන 7.68 ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව 308 ක් ඩී.එෆ්.සී.සී බැංකුවේ අනුග්‍රහය ඇතිව මෙහිදි පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්ව, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. උත්සව කටයුතු ආරම්භ කරමින් සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව මව්බිම වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද ආරක්‍ෂා කරනු ලැබීය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ තොරතුරුවලට අනුව,  විරෝදාර රණවිරුවන් වෙනුවෙන් වර්ෂ 2010 සිට මේ දක්වා නව නිවාස 2917 ක් ඉදිකර දී ඇති අතර වර්ෂ 2014 සිට මේ දක්වා අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස 4487 ක ඉදිකිරීම් අවසන් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ නිම කර ඇති මුළු නිවාස සංඛ්‍යාව 7404 ක් බව ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත. Authentic Nike Sneakers | Nike