Header

Sri Lanka Army

Defender of the Nation

12th July 2019 18:43:59 Hours

'Spring & Summer' පුද්ගලික සමාගම විල්පත්තුව රක්ෂිතය නැවත රෝපණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා එක්වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව විල්පත්තුව රක්ෂිතය නැවත රෝපණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිමට පත් වූ දිවයිනේ පුමුඛ පෙළේ වාණිජ සමාගමක් වන 'Spring & Summer' විලාසිතා සමාගම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ අත්වැල් බැඳගනිමින් පසුගිය බ්‍රහස්පතින්දා (11) දින දුර්ලභ පැළ 5000 ක් යුද්ධ හමුදාව වෙත ප්‍රදානය කරනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථානයේදී මෙම සමාගමේ නියෝජිතයින් පිරිසක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ඉහලම සහයෝගයක් ලබාදෙන බවට ඔවුන් මෙහිදී සහතික විය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත සංකේතාත්මකව පැළයක් පිළිගන්වනු ලැබිණි.

මෙම හමුව අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඔවුන් ලබාදුන් සහයෝගය අගය කරමින් සිය ස්තූතිය පුද කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 'Spring & Summer' සමාගමේ නිර්මාතෘ සහ සාමාන්‍යාධිකාරි ශ්‍යාමලී විජේගුණවර්ධන මහත්මිය ඇතුළු සමාගමේ අධ්‍යක්ෂවරුන් වන දුලාන් විජේගුණවර්ධන මහතා හා දුලන්ක විජේගුණවර්ධන මහතා මෙන්ම විශ්‍රාමික මේජර් ජෙනරාල් එන්. විජේසිංහ සහ චම්පිකා විජේසිංහ මහත්මිය ද සහභාගී වූහ. Adidas shoes | NIKE AIR HUARACHE