Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2019 13:54:17 Hours

‘අභිමන්සල - 1’ හී නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවෙකු විවාහ දිවියට එළඹෙයි

2009 මැයි මසට පෙර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ පැවැති කුරීරු යුද්ධයේ දී ආබාධිතව අනුරාධපුර ‘අභිමන්සල - 1’ හී නේවාසිකව ප්‍රතිකාර ලබන ගැමුණු හේවා බලඇණියේ විරෝදාර රණවිරුවෙකු ඉකුත් සිකුරාදා (28) දින ‘අභිමන්සල -1’ පරිශ්‍රයේ දී විවාහ දිවියට එළඹිණි.

වර්ෂ 2008 අප්‍රේල් මස 24 දින මන්නාරම ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ කුරීරු ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වූ 7 වන ගැමුණු හේවා බලඇණියේ කෝප්‍රල් අයි.එස්.ආර්. සංජීව එහිදී සිදුවූ තුවාල හේතුවෙන් සිය ඉදිරි ජීවිත කාලය පුරාවටම ආබාධිත තත්ත්වයට පත්වූ අතර ඒ හේතුවෙන් වර්ෂ 2009 සිට ‘අභිමන්සල - 1’ හී නේවාසිකව ප්‍රතිකාර ලැබීමට ඔහුට සිදුවිය.

මීට කලකට පෙර, අභිමන්සල නිවාඩු නිකේතනයේ සංචාරයකට පැමිණි ශානිකා නිරෝෂනී මෙනවිය හා 7 වන ගැමුණු හේවා බලඇණියේ කෝප්‍රල් සංජීව අතර ඇතිවූ සුහඳ සබඳතාවය ප්‍රේම සම්බන්ධතාවයක් බවට පත්වීමේ කූටප්‍රාප්තිය ලෙස ඇයගේ අතිනත ගෙන මෙලෙස යුග දිවියට එළඹ තිබිණි.

‘අභිමන්සල - 1’ හී හිටපු සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ. වැලිමුණ ගේ උපදෙස් මත සංවිධානය කල මෙම මංගල උත්සවය පැමිණ සිටි සියලුදෙනාගේ දැඩි ආකර්ෂණයට ලක්වූ අතර සේනාවිධායකතුමන් මනාල පාර්ශවය වෙනුවෙන් විවාහ මංගල්‍යයේ සාක්‍ෂිකරුවෙකු වශයෙන් අත්සන් තැබීය. එමෙන්ම, ‘අභිමන්සල - 1’ හී සේනාවිධායක කර්නල් අයි.එච්.එම්.ටී.එච්. සේනාරත්න විසින් එම විවාහ මංගල්‍යයේ මනාලියගේ පාර්ශවයේ සාක්‍ෂිකරු වශයෙන් අත්සන් තබන ලදී.

මෙම ආබාධිත රණවිරුවාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් අවශ්‍ය ආහාරපාන ඇතුළු සියලු උපකරණ යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂක මණ්ඩලය සමඟ සමීප සම්බන්ධතාවයෙන් ආබාධිත රණවිරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් කැප වූ ‘අභිමන්සල - 1’ විසින් ලබාදීමට කටයුතු කරන ලදී.

මනාල යුවල සුබ මොහොතින් පෝරු මස්තකාරූඪවීමෙන් අනතුරුව සිදුකරන ලද දෙමාපියන් සමඟ තෑගි හුවමාරු කිරීම, විවාහය ලියාපදිංචි කිරීම, මංගල කේක් කැපීම යනාදි චාරිත්‍ර වාරිත්‍ර රැසකින් එම විවාහ උත්සවය වඩාත් වර්ණවත් විය.

මෙම මංගල උත්සවය සඳහා මනාල යුවලේ පවුල්වල සාමාජිකයින්, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් මෙන්ම සුභපතන්නන් රැසක් ද එක්ව සිටියහ. best Running shoes | Zapatillas de running Nike - Mujer