Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2019 18:03:11 Hours

‘හයිලෑන්ඩර්ස්’ ගොල්ෆ් කුසලාන තරඟාවලියේ දී ප්‍රවීණ ගොල්ෆ් ක්‍රීඩකයින් සමඟ එක්ව යුද්ධ හමුදාව ගොල්ෆ් ක්‍රීඩාව නගාසිටුවයි

ගොල්ෆ් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාවක් ලෙස ඉහළ මට්ටමකට රැගෙන ඒම සඳහා යුද්ධ හමුදාවේ උත්සාහය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ ආරාධනයකට අනුව ත්‍රිවිධ හමුදාවේ ගොල්ෆ් ක්‍රීඩකයින් ඇතුළු ජාතික ගොල්ෆ් ක්‍රීඩකයින් සහ ගොල්ෆ් ක්‍රීඩාලෝලීන් 79 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකගේ වාර්තාගත සහභාගිත්වයෙන් ‘හයිලෑන්ඩර්ස්’ ගොල්ෆ් කුසලාන තරඟාවලිය - 2019 ඉකුත් සෙනසුරාදා (29) දින ප්‍රතිසංස්කරණය කරන ලද දියතලාව යුද්ධ හමුදා ගොල්ෆ් පිටියේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් නන්ද හතුරුසිංහ ගේ ආරාධනයකට අනුව පසුගිය වසරේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සකස් කරන ගොල්ෆ් ක්‍රීඩාපිටිය සහ නවතමයෙන් ඉදිකරන සමාජ ශාලාව විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූ අතර මෙවර තරඟාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි විය.

තෙවන වරටත් පවත්වනු ලබන මෙම තරඟාවලිය ඉකුත් සෙනසුරාදා (29) දින පැවැති අතර තරඟාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් නන්ද හතුරුසිංහ, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ සහ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති ලක්සිරි වඩුගේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙවර තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස ‘ඩයලොග්’ ආයතනය සහ ‘ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම’ කටයුතු කළ අතර තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන සහ ගුවන් ප්‍රවේශ පත් ද පිරීනැමීය.

මෙවර තරඟාවලියේ දී කොළඹ, ගාල්ල සහ නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ නියෝජනය කරන ගොල්ෆ් ක්‍රීඩකයින් සමඟින් ගුවන් හමුදාධිපති, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, කොතලාවල ආරක්‍ෂක සේවා විශ්වවිද්‍යාලයේ උප කුලපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශ්‍රීනාත් රාජපක්‍ෂ යන ගොල්ෆ් ක්‍රීඩාලෝලීන් සහ තවත් ප්‍රමුඛ පෙලේ ගොල්ෆ් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු සෙනසුරාදා දින සන්ධ්‍යාව දක්වාම තරඟ වැදුණි. මෙවර තරඟාවලියට නව මානයක් එකතු කරමින්, මෙම “මහත්වරුන්ගේ ක්‍රීඩාව” වැඩි වැඩියෙන් ක්‍රීඩාලෝලීන් අතර වඩාත් ජනප්‍රිය කිරීමට කැපවී කටයුතු කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව විසින් ‘හයිලෑන්ඩර්ස් කුසලානය’ පිරිනැමීමට අමතරව ‘යුද්ධ හමුදාධිපති කුසලානයක්’ ද පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.

තරඟාවලියේ කීර්තිමත් ‘හයිලෑන්ඩර්ස් කුසලාන -2019’ දිනාගැනීමට කොළඹ ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ පළපුරුදු ගොල්ෆ් ක්‍රීඩක අනිල් අමරසූරිය මහතා සමත් වූ අතර නවතමයෙන් එක්කල ‘යුද්ධ හමුදාධිපති කුසලානය’ දිනාගැනීමට ගුවන් හමුදාවේ ගෲප් කපිතාන් එස්. ධර්මදාස සමත්විය. තවද, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශ්‍රීනාත් රාජපක්‍ෂ ඇතුළු තවත් අනුශූරයන් කිහිපදෙනෙකුට මෙහිදි විශේෂ සම්මාන හා සමරුතිළිණ පිරීනැමීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව සමඟ සමීප සම්බන්ධතාවයෙන් දියතලාව ගොල්ෆ් ක්‍රීඩා පිටියෙහි ඇති පහසුකම් භාවිතා කිරීමට හැකියාව ඇති හෙයින් අනෙකුත් ගොල්ෆ් ක්‍රීඩකයින් අතර ගොල්ෆ් ක්‍රීඩාව ජනප්‍රිය කිරීමට ද ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවට හැකි වී තිබේ. මේ හේතුවෙන් මෙවර තරඟාවලිය සඳහා තරඟකරුවන්ගේ සහභාගිත්වය ද වර්ධනය වී තිබිණි.

පසුගිය දෙවසරක කාලය තුළ ගොල්ෆ් ක්‍රීඩාවට පුනර්ජීවනයක් ලබාදීමේ අරමුණින් ජාත්‍යන්තරව පිළිගත් සමාජ ශාලාවක් ඉදිකිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක රුපියල් මිලියන 10 ක පමණ මුදලක් වැය කර ඇති අතර මෙවර තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරීනැමීමේ අවස්ථාවට ගෞරවනීය ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි විය. මෙම අවස්ථාවේ දී පිළිගැනීමේ කථාව සිදු කල බ්‍රිගේඩියර් හතුරුසිංහ, යුද්ධ හමුදාධිපතිතුමන්ට සුභපැතුම් එක් කළ අතර දියතලාව ගොල්ෆ් පිටිය ප්‍රතිසංස්කරණය කර එහි නවතමයෙන් සමාජ ශාලාවක් ඉදිකර ගොල්ෆ් ක්‍රීඩාව ජනප්‍රිය කරවීම වෙනුවෙන් සිදුකරගෙන යන ව්‍යාපෘතියට යුද්ධ හමුදාධිපතිතුමන් ශක්තියක් බවද එතුමන් පැවසීය. “මගේ දැක්මට අනුව, මෙම සමාජශාලාව දිවයිනේ හොඳම ගොල්ෆ් ක්‍රීඩා ආකර්ෂකයින්ගෙන් එකක් බවට පත් කිරීම සඳහා පාඨමාලා හා අනෙකුත් වැඩිදියුණු කිරීම් සමඟ සම්පූර්ණ කළ යුතු යැයි” මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් බ්‍රිගේඩියර් හතුරුසිංහ අවධාරණය කළේය.

තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරීනැමීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ආරාධනා කරන ලදී. ත්‍යාග ප්‍රදානෝත්සවයට තවත් කීර්තිමත් ආරාධිතයන් කිහිපදෙනෙකු ද එක් වූ අතර, රැස්ව සිටි පිරිසගේ අත්පොළසන් නාදය මධ්‍යයේ තරඟයේ ජයග්‍රාහකයින්ට හිමි කුසලාන සහ සහතිකපත් පිරිනමනු ලැබිණි. මෙහිදී, සමස්ත හොඳම ලකුණුලාභියා, හොඳම දළ ලකුණු ලබාගත් ජයග්‍රාහකයින්, ශූරයින් සහ අනුශූරයින්ට අමතරව තරඟාවලිය සඳහා සහභාගිවූ ගොල්ෆ් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට ද කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කර තිබිණි.

මෙහිදි අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් “මෙම ගොල්ෆ් තරඟාවලිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානය (ARTRAC), ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව (SLAGC) සහ ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය (SLGU) එක්ව සංවිධානය කරන වාර්ෂික උත්සවයක්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට වසරකට වරක් සිවිල් ගොල්ෆ් ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක අන්තර්ක්‍රියා ශක්තිමත් කිරීම මෙන්ම ගොල්ෆ් ක්‍රීඩාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම මෙම තරඟාවලියේ අරමුණ බවද” ප්‍රකාශ කළේය. “ගොල්ෆ් ක්‍රීඩාව ජනප්‍රිය කිරීමට සියලුම ක්‍රීඩකයින්ට තමා ආශිර්වාද කරන බව පැවසු යුද්ධ හමුදාධිපතිවරයා තරග ජයගැනීම වෙනුවෙන් උපරිම ශක්තියට ළඟාවීම එකිනෙකා සමග අනෝන්‍ය සම්බදතාවය වෙන්න. ශාරීරික හා මානසික වශයෙන් තමා තමාටම අභියෝග කරමින්, ව්‍යායාම කටයුතුවල නිරතවීම හැකියාවන් හි උපරිමයට ලඟාවීම තුලින් ජයග්‍රහණය කළ හැකි බවද” හෙතෙම මෙහිදී තවදුරටත් අවධාරණය කළේය.

“ශ්‍රී ලංකා ගොල්ෆ් ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉතා සාර්ථක ගොල්ෆ් තරඟාවලියක් අවසන් කිරීමට මෙවර හැකි වූ බවත් පසුගිය වසරේ මෙම සමාජ ශාලාව විවෘත කිරීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගොල්ෆ් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒමට අපට හැකි වූ බවත් පැවසු යුද්ධ හමුදාධිපතිවරයා මෙම සමාජ ශාලාවේ සහ ගොල්ෆ් පිටියේ පහසුකම් අනාගතයේ දී ගොල්ෆ් ක්‍රීඩකයින් එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක් වනු ඇති බැවින් ක්‍රීඩකයින්ට ඔවුන් සතු බොහෝ අත්දැකීම් සහ අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව පවතින බවද” යුද්ධ හමුදාධිපතිවරයා සඳහන් කළේය.

“ගොල්ෆ් ක්‍රීඩාව ප්‍රේම සම්බන්ධතාවයකට උපමා කළ යුද්ධ හමුදාධිපතිවරයා එබැවින් එය බැරෑරුම් සහගත දෙයක් වශයෙන් සැලකිය යුතුව ඇති බවද සඳහන් කළේය. ගොල්ෆ් යනු විද්‍යාවක් බවත් එය තරඟයක් මෙන්ම ධෛර්යය, උපායමාර්ගික සහ ආත්ම දමනය ද අවශ්‍ය වන තරඟාවලියක් වන බැවින් එම ක්‍රීඩාව එහි නිරතවන විවිධ පුද්ගලයන්ගේ චරිත ස්වභාවයන් හා ගති පැවතුම් හෙලි කරන කැඩපතකට ද උපමා කළ හැකි බවද” යුද්ධ හමුදාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“ගොල්ෆ් ක්‍රීඩාව 19 වන ශතවර්ෂයේ මුල භාගයේ දී බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් අතර මුල් කාලීනව එම ක්‍රීඩාව නුවරඑලිය සහ කොළඹ යන ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් සිදු කරනු ලැබූයේ ස්වදේශීකයන් වන ශ්‍රී ලාංකිකයින්ට එම ක්‍රීඩාවට කිසිසේත් සම්බන්ධ වීමට ඉඩ ප්‍රස්තාවන් අහුරා දමමිනි. එමෙන්ම, බෝයර් යුද්ධයේ දී මෙරටට රැගෙන ආ දකුණු අප්‍රිකානු යුද සිරකරුවන් රඳවා තැබීම සඳහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දියතලාවේ හමුදා කඳවුරක් ද ස්ථාපනය කර තිබිණි. මෙයට සමගාමීව, බ්‍රිතාන්‍යන් විසින් ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා ගොල්ෆ් පිටියක් දියතලාව යුද්ධ හමුදා කඳවුර ආශ්‍රීතව ඉදිකරනු ලැබු අතර එය යුද්ධ හමුදා සේවයේ නිරත බ්‍රිතාන්‍ය යුද්ධ හමුදා නිලධාරීන් මෙන්ම මෙරට සිටි වංශවත් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවීම වෙනුවෙන් ඉඩ ප්‍රස්ථාවන් සලසා දී තිබිණි. එමෙන්ම, මේ වෙනුවෙන් ඉදිකරන ලද ගොල්ෆ් ක්‍රීඩා පිටිය ගොල්ෆ් පන්දු වැටීම වෙනුවෙන් සකස් කරන ලද සිදුරු 18 කින් සමන්විත මනරම් හරිත උද්‍යානයක් විය. එමෙන්ම, වසර ගණනාවක ඇවෑමෙන් පසු සිදුකරන ලද සංවර්ධන කටයුතු හේතුවෙන් මුලින් සිදුරු 18 කව පැවැති එම ගොල්ෆ් ක්‍රීඩා පිටිය පසු කාලීනව සිදුරු 09 කින් යුත් ගොල්ෆ් ක්‍රීඩා පිටියක් බවට පරිවර්තනය වූ අතර මෙතෙක් ත්‍රිවිධ හමුදාවන්හි උසස් නිලධාරීන්ට පමණක් සීමා වී තිබූ මෙම ගොල්ෆ් ක්‍රීඩා පිටිය සාමාන්‍ය මහජනතාවගේ අවධානයට හා ආකර්ෂණයට ලක් වී තිබිණි. එමෙන්ම, මධ්‍යම කඳුකරය සහ දියතලාව ගොල්ෆ් පිටිය හා ඒ ආශ්‍රීත ප්‍රදේශයන්හි ඇති මනස්කාන්ත දර්ශනයන් ඕනෑම ගොල්ෆ් ක්‍රීඩකයෙකුට තම ක්‍රීඩා කටයුතු මනා අයුරින් සිදුකිරීම සඳහා ඉතා යහපත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් ඇති කරවන බවද ” මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම තරඟාවලිය අවසානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් නන්ද හතුරුසිංහ විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැමිණිම ඇගයුමට ලක් කරමින් විශේෂ සමරුතිළිණයක් එතුමන් වෙත ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදී. එම ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම අවස්ථාවට සහභාගී වූ සියලුදෙනා සමගින් සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී. Buy Kicks | Air Max