Header

Sri Lanka Army

Defender of the Nation

25th June 2019 12:10:31 Hours

නයිජීරියානු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාව තුළ පැවති ත්‍රස්තවාදයට එරෙහි ලද ජයග්‍රහණය පිළිබඳ අධ්‍යනයක නිරත වේ

අන්තර් ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා දිවයිනට පැමිණ සිටින නයිජීරියානු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පසුගිය සෙනසුරාදා (20) දින දියතලාව යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථානයේ (ARTRAC) සංචාරයක නිරතවෙමින් යුද්ධ හමුදා පුහුණු වැඩසටහන් පිළිබඳව අධ්‍යයනයක නිරත විය.

නයිජිරීයානු යුද්ධ හමුදා පුහුණු හා මූලධර්ම අණසක මූලස්ථානයේ මූලධර්ම හා සටන් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මේජර් ජෙනරාල් කේ.අයි. අබ්දුල්කරිම් (Major General K.I Abdulkarim) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 4 දෙනෙකු 2019 ජූනි මස 19 දින දිවයිනට පැමිණි අතර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරන ලද අතීත යුද මෙහෙයුම් පිළිබඳව මෙන්ම අදාළ මෙහෙයුම් තුල යුද්ධ හමුදා මූලධර්ම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා දිවයිනේ දින තුනක සංචාරයක නිරත විය.

දියතලාව යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානය තුලදී ඔවුන් හට ‘ශ්‍රී ලංකාව යුද්ධය ජයගත් ආකාරය - එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීම අත්දැකීම්’ පිළිබඳව ද ශාස්ත්‍රීය මට්ටමින් සිදුකරන ලද අන්තර් ක්‍රියාකාරකම් තුලින් පැහැදිලි කරන ලදී. යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානයේ ආඥාපති මෙන්ම යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ටී. එස්. බන්සජයා විසින් යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානය වෙත සපැමිණි නියෝජිත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

‘ශ්‍රී ලංකාව සහ ත්‍රස්තවාදය’, ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංවිධානය’, ‘ඊලාම් යුද්ධ 1,2,3,4’ සහ ‘ශ්‍රී ලංකාවේ සාම සාධක ක්‍රියාවලීන්’ වැනි මාතෘකා මෙම සැසිවාරයේ දී විශේෂ අවධානයකට ලක්විය. නිලධාරීන් ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීම අවසන් වූ වහාම එම සාකච්ඡාවෙහි සිදු කරන ලද දීර්ඝ දේශනයන්හි අපැහැදිලි කරුණු පිළිබඳව වාචිකව නඟන ලද ප්‍රශ්න හා පැහැදිලි කිරීම් තුලින් නියෝජිත පිරිස ඔවුන්ගේ ගැටළු නිරවුල් කරගනු ලැබීය.

මෙම සැසියේ දී දශක තුනකට අධික කාලයක් පැවැති කුරිරු යුද්ධයෙන් ලද මතකයන් ඉස්මතු කරමින් අදහස් දැක්වූ බ්‍රිගේඩියර් නිශාන්ත හේරත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව සිදු කරන ලද මෙහෙයුම් පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ද සිදු කළේය. නයිජීරියානු නිලධාරීන් අතරින් ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට උනන්දුවක් දක්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම සාකච්ඡාව අතරතුරදී, සංචාරයෙහි නිරත වූ නයිජීරියානු හමුදා නියෝජිත පිරිස එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහි යුද ජයග්‍රහණය පිළිබඳ සාකච්ඡා කළ අතර එම යුද ජයග්‍රහණයන් වෙනුවෙන් සිදු කරනු ලැබූ උපායමාර්ගික මෙහෙයුම් හා එම අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා හමුදාව මුහුණ දී ඇති ආකාරය පිළිබඳව සාකච්ඡා කළහ.

මේජර් ජෙනරාල් කේ.අයි. අබ්දුල්කරීම් සදහන් කල ආකාරයට තම රටේ ඊසානදිග කලාපය ආශ්‍රීත ප්‍රදේශයන් තුල මෙවැනි තත්ත්වයක් දැනට උද්ගත වී ඇති බවයි. යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානයේ ආඥාපති විසින් මෙහෙයවන ලද මෙම දෙදින වැඩසටහන යුද්ධ හමුදා තුර්යවාදක හා රංග කලා අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික අංගයන්ගෙන් වඩාත් වර්ණවත් විය. affiliate tracking url | Asics Onitsuka Tiger