Header

Sri Lanka Army

Defender of the Nation

23rd June 2019 14:18:03 Hours

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 11 දෙනෙකුට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභාශීංසන

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳුදා (24) දින යුද්ධ හමුදා මුලස්ථානය වෙත කැඳවා ඔවුන් මේ දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භඨකාර්ය සම්පාදන ක්‍ෂේත්‍රයේ සහ පරිපාලන කටයුතු සඳහා ලබාදුන් විශීෂ්ට හා ආදර්ශමත් සේවාව ඇගයුමට ලක් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඔවුන් වෙත විශේෂ සහතික පත් ප්‍රදානය කරන ලදී.

මෙම හමුවේදී, ඔවුන් සමඟ සුහඳ පිළිසදරක යෙදුණු යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ අතීත අත්දැකීම් සහ විශ්‍රාම යාමෙන් පසු අනාගත බලාපොරොත්තු පිළිබඳව විමසා සිටියහ. සුහද හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සිය උණුසුම් සුබ පැතුම් එක් කළ අතර විශ්‍රාම යාමෙන් පසුව ද ඔවුන් රටට බරක් නොවනු ඇතැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය උණුසුම් සුබ පැතුම් එක් කිරීමෙන් අනතුරුව සියලුම රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ගේ ආදර්ශමත් සේවාව ඇගයුමට ලක් කරමින් ඔවුන් වෙත ඇගයීම් සහතික පත් ප්‍රදානය කරන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම සුහද හමුව සඳහා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සහ යුද්ධ හමුදා මුලස්ථාන බළඇණියේ රෙජිමේන්තු සැරයන් මේජර් ද එක්විය. Running sports | Men's Sneakers