Header

Sri Lanka Army

Defender of the Nation

23rd June 2019 20:41:37 Hours

යුද්ධ හමුදා විශේෂ බලකා පරිශ්‍රයේ නව වෛද්‍ය මධ්‍යස්ථානයක් විවෘත කිරීම සහ එම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරිම සඳහා මුල්ගල් තැබීම සිදුවිය

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ විසිර යෑමේ පෙළපාලිය යුද්ධ හමුදාධිපති මෙන්ම විශේෂ බළකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (22) දින පැවැත්වු අතර එම විසිර යෑමේ පෙළපාලිය සඳහා පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම විශේෂ බලකා පුහුණූ පාසලේ නවතමයෙන් ඉදිකරනු ලැබූ වෛද්‍ය මධ්‍යස්ථානය පසුගිය සිකුරාදා (21) දින විවෘත කරනු ලැබිණි. කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබා දුන් මාර්ගෝපදේශ අනුව ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් එහි ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී.

චාරිත්‍රානුකූලව පීත්ත පටිය කැපීමෙන් අනතුරුව මෙම විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් කාංචන වීරසේකරගේ ආරාධනයකට අනුව වැඩම කල භික්‍ෂූන් වහන්සේලා විසින් ආගමික වතාවත් සිදු කරනු ලැබිණි.

එසේම, දානපති සේනක රොද්‍රිගෝ මහතා සහ සිය පවුලේ සාමාජිකයින් විසින් විශේෂ බලකා භටපිරිස් විසින් සිදු කරනු ලැබූ වටිනා කාර්යභාරයන් සලකා බැලීමෙන් අනතුරුව නව වෛද්‍ය මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කරනු ලැබිය. පසුව, උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පරිත්‍යාගශීලීන් එක්ව නව වාට්ටුව, විශ්‍රාම ශාලාව සහ අනෙකුත් ඒකකයන් සමීප පරීක්‍ෂාවකට ලක් කල අතර එහි අනාගත ව්‍යාපෘතීන් පිළිබඳවද සොයා බලන ලදි.

පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා විශේෂ බලකා සාමාජිකයින් හට වඩා හොඳ වෛද්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් එම පරිශ්‍රයේ තවත් අංශයක් ඉදිකිරිම සඳහා ද මුල්ගල් තබනු ලැබිය. ඉන් අනතුරුව එතුමන් විසින් ඉංජිනේරු සේවා බලකා භටපිරිස් සමඟ සාකච්ඡා කරමින් නව ඉදිකිරීම් අවශ්‍යතාවන් පිළිබඳ සොයා බලන ලදි. උත්සවය අවසන් වීමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රෝහලේ උපකරණ සඳහා අනුග්‍රහකත්වය දක්වන ලද දානපතියා වූ සේනක රොද්‍රිගෝ මහතා ඇගයීමකට ලක්කරමින් එම අවස්ථාවේදී සිහිවටනයක්ද පිරිනමන ලදී. Buy Kicks | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth