Header

Sri Lanka Army

Defender of the Nation

20th June 2019 23:55:00 Hours

යාපනයේ භටපිරිස් විසින් ආදර්ශ දුම්රිය ස්ථානයක් ලෙස කන්කසන්තුරේ දුම්රිය ස්ථානය තෝරාගනී

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මුලිකත්වයෙන් යුද්ධ හමුදාව යටතේ පාලනය වන තල්සෙවන යුද්ධ හමුදා නිවාඩු නිකේතනයෙහි ත්‍යාගශීලීත්වයෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළු බොහෝ මගීන් ගේ ගමනාන්තයක් මෙන්ම උතුරු දුම්රිය මාර්ගයේ අවසාන නැවතුම වන කන්කසතුන්රේ දුම්රිය ස්ථානය වෙත නව මුහුණුවරක් ලබාදෙමින් මගීන්ගේ පාවිච්චිය සඳහා අත්‍යවශ්‍ය උපාංග තොගයක් ලබාදෙනු ලැබීය.

ආදර්ශ දුම්රිය ස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සඳහා මෙම දුම්රිය ස්ථානය වැඩිදියුණු කිරීමේ අදහසින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඇඳි පුටු 12 ක්, කණ්නාඩි මේසයක්, බිත්ති කැඩපතක්, ජල ශීතකරණයක්, සිවිලිම් විදුලි පංකා 3 ක්, සෙරමික් සේදුම් බේසමක්, ඩිජිටල් ඔරලෝසුවක්, නොමිලේ වයිෆයි පහසුකම්, ජංගම දුරකථන බැටරි ආරෝපණ පහසුකම් සහ යාපනය අර්ධද්වීපයේ වැදගත් හා සිත්ගන්නා ස්ථාන නිරූපණය කරන බිත්ති පින්තූර කිහිපයක් මෙලෙස ත්‍යාග කරනු ලැබිණි.

තවද, මෙම දුම්රිය ස්ථානය සම්පූර්ණයෙන් වර්ණ ගැන්වීමෙන් අනතුරුව සනීපාරක්ෂක පහසුකම් සහ විවේකාගාරය අළුත්වැඩියා කිරීමට තල්සෙවන යුද්ධ හමුදා නිවාඩු නිකේතනයෙහි කාර්ය මණ්ඩලය දායක විය. එසේම, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව දානපති අජිත් පලිහක්කාර මහතා විසින් අඟල් 50 LED රූපවාහිනියක්ද පරිත්‍යාග කිරීමට ඉදිරිපත් විය. මෙම උපකරණ තොගය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි විසින් දුම්රිය ස්ථානාධිපතිතුමන් වෙත භාරදෙනු ලැබීය.

මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු, ‘තල්සෙවන’ යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේ කාර්ය මණ්ඩලය සහ කන්කසතුරේ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය සහභාගී විය.jordan release date | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger