Header

Sri Lanka Army

Defender of the Nation

20th June 2019 23:53:36 Hours

ප්‍රවීණ කලාකරුවන්, ගුරුවරුන්, පෞද්ගලික පරිත්‍යාගශීලීන් සහ ශිෂ්‍යයන් විසින් නව පැළ 8500 කට අධික ප්‍රමාණයක් විල්පත්තුවෙහි රෝපණය කරයි

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව ශ්‍රීලංකා යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ප්‍රජා ව්‍යාපෘතිය යටතේ විල්පත්තු වනෝද්‍යානයේ රුක් රෝපණය කිරිමේ වැඩසටහනක් පිළිබඳ පැහැදී එයට දායකත්වය දක්වමින් ඉකුත් සෙනසුරාදා (15) දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂිකයින් ඇතුළු පරිසර හිතකාමී සිසුන් පිරිසක්, නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ ආදි ශීෂ්‍ය සංගමයේ සාමාජිකයින් පිරිසක්, පෞද්ගලික දානපතියන්, සාරංග දිසාසේකර මහතා, ශනුද්‍රි ප්‍රියසාද් මෙනෙවිය සහ දුලීකා මාරපාන මහත්මිය ඇතුළු ජනප්‍රිය කලාකරුවන් පිරිසක්, ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගම සහ යුත් ඔෆ් හෝප් පරිසරය සංවිධාන‍ය සහභාගි වුහ.

මෙම ව්‍යාපෘතිය භාර නිලධාරී වන වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලද මෙම අදියරය සඳහා කුඹුක් පැළ 8000 කට අධික ප්‍රමාණයක් සහ තවත් වටිනා පැළ 500 ක් ඉහත පුද්ගලයින් හා සංවිධාන මගින් විල්පත්තු වනෝද්‍යානයේ විලත්තයිකුලම් සහ වෙප්පල් වනාන්තර වල සංරක්‍ෂිත ප්‍රදේශවල රෝපණය කරන ලදි. තවද මීට අමතරව එම පරිසරවේදීන් විසින් යුද්ධ හමුදාව සැලසුම් කර ඇති පරිදි ව්‍යාපෘතියේ ප්‍රවර්ධනය සඳහා සිමෙන්ති බෑග් 100 ක්, පීවීසි පයිප්ප අඩි 600 ක්, ජල බැරල් 10 ක් සහ රු 50,000.00 ක මුදලක් ද පරිත්‍යාග කරන ලදි.

නැවත වන වගාවන් යටතේ විල්පත්තු වනෝද්‍යානය සහ ඊට යාබඳව ඇති සංරක්‍ෂිත වනාන්තර ප්‍රදේශ වල සති කිහිපයක් තුළ පැළ 45000 ක් සිටුවීමට වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් සැලසුම්කර ඇති අතර මේ වන විට අක්කර 21 ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි රුක් රෝපණය කර ඇත.

මෙම රුක් රෝපණ වැඩසටහන 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ගේ මඟපෙන්වීම යටතේ 542 බලසේනාවේ බලසේනාධිපති කර්නල් රවී හේරත් විසින් සංවිධානය කරන ලදි.

54 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිළයින් විශාල සංඛ්‍යාවක් ඉකුත් සෙනසුරාදා (15) දින පැවැත්වු මෙම අවස්ථාවට දායක වුහ. Nike sneakers | adidas Yeezy Boost 350