Header

Sri Lanka Army

Defender of the Nation

20th June 2019 23:58:09 Hours

නයිජිරීයානු යුද්ධ හමුදා පුහුණු හා මුලධර්ම අණසක මූලස්ථානයෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

නයිජිරීයානු යුද්ධ හමුදා පුහුණු හා මූලධර්ම අණසක මූලස්ථානයේ මූලධර්ම හා සටන් සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රධානී මේජර් ජෙනරාල් කේ.අයි. අබ්දුල්කරිම් (Major General K.I Abdulkarim) ඇතුළු නයිජිරීයානු යුද්ධ හමුදා පුහුණු හා මූලධර්ම අණසක මූලස්ථානයෙහි උසස් නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස ඉකුත් බදාදා (19) දින ශ්‍රී ලංකාවට පැමිණියහ.

මෙම නියෝජිත පිරිස, දියතලාවේ පිහිටි යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානයේ ජූනි මස 19 දින සිට 22 දින දක්වා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජයා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සම්මන්ත්‍ර සැසිවාරයන් සඳහා සහභාගීවීමට නියමිතය.

නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුලදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවීමට ද නියමිතය.

මෙම නියෝජිත පිරිසට, නයිජිරීයානු යුද්ධ හමුදා පුහුණු හා මූලධර්ම අණසක මූලස්ථානයේ මූලධර්ම හා සටන් සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රධානී මේජර් ජෙනරාල් කේ.අයි. අබ්දුල්කරිම් (Major General K.I Abdulkarim), නයිජිරීයානු යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදා ප්‍රතිපත්ති හා සැලසුම් දෙපාර්තමේන්තුවේ වැඩබලන සැලසුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජෙනරාල් බී.ඕ. සැවයර් (Brigadier General B.O Sawyerr), නයිජිරීයානු යුද්ධ හමුදා පුහුණු හා මූලධර්ම අණසක මූලස්ථානයේ පුහුණු දෙපාර්තමේන්තුවේ පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජෙනරාල් ජි.යු. චිබුයිසි (Brigadier General G.U Chibuisi), නයිජිරීයානු යුද්ධ හමුදා පුහුණු හා මූලධර්ම අණසක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I කර්නල් ඒ.අයි.එම්. ලපායි සහ නවදිල්ලියේ පිහිටි නයිජිරියා තානාපති කාර්යාලයේ නයිජිරියා ආරක්‍ෂක උපදේශක කමාන්ඩර් ඉයුජීනියෝ ඔලෙස්ගුන් ෆෙරේරියා (Commander Eugenio Olusegun Ferreria) ඇතුළුත් විය. Sneakers Store | Men Nike Footwear