Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2019 18:46:07 Hours

විල්පත්තුව වනෝද්‍යානයේ නැවත රෝපණය කිරීම සඳහා ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් සමාගම එක්වේ

යුද්ධ හමුදාව දියත් කරනු ලැබු ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව විල්පත්තු වනෝද්‍යානය නැවත රෝපණය කිරිම සඳහා පරිසර හිතකාමී සමාගමක් වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා (පුද්) සමාගම යුද්ධ හමුදාව සමඟ එක්වෙයි.

අදාළ පුද්ගලික සමාගමේ නියෝජිතයින් පිරිසක් බදාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එහිදී, ඔවුන් විසින් රුපියල් ලක්ෂ 2 ක වටිනාකමින් යුත් දුර්ලභ පැළ 1500 ක් සහ සූර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප දෙකක් යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම සුහද හමුවේදී, අනාගත පරම්පරාව සඳහා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියේ ජාතික වැදගත්කම මෙන්ම පරිසරය ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස සාමූහිකව ආරක්‍ෂා කරගැනීමේ වැදගත්කම ද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අවධාරණය කරන ලදී.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම සුහද හමුව අවසානයේදී එම සමාගමේ නියෝජිත පිරිස විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සංකේතාත්මකව පැළයක් සහ ජල පොම්ප දෙකක් වෙනුවෙන් ලියවිල්ලක් ද පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා (පුද්) සමාගමේ මානව සම්පත් අධ්‍යක්‍ෂ දිනුෂා ජයමාන්න, සහාකර මෙහෙයුම් අධ්‍යක්‍ෂ කමල් ගීගනගේ, නියාමන කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්‍ෂ තමරි සේනානායක, පාරිභෝගික කටයුතු සම්බන්ධීකාරක සවිද්‍යා පෙරේරා සහ නියාමන කටයුතු සහකාර කළමනාකරු අමිල සිරිමාන්න යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ. Running Sneakers Store | Women's Designer Sneakers - Luxury Shopping