Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2019 15:34:04 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු දමිල කාන්තාවකගේ අස්ථානගත වූ මුදල් පසුම්බියක් නැවත භාරදීමේ සත්පුරුෂ ක්‍රියාවකට දායකවෙයි

පොළොන්නරුව සහ මඩකලපුව අතර පිහිටි කොලකනවාඩිය මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවට අයත් මාණ්ඩලික සැරයන් ඩබ්.ඒ ප්‍රියන්ත කුමාර හට හමු වූ රුපියල් 21,000 ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු සමඟින් රන් මුදු 02 ක්, බැංකු පොත් 03 ක් සහ වටිනා ලියකියවිලි අඩංගු මුදල් පසුම්බියක් එහි නියම හිමිකරු වෙත භාරදීමට කටයුතු කර තිබේ.

මන්නාරමේ සිට කල්මුනෙයි බලා පිටත් වූ එන්බී 9742 දරණ මගී බස් රථය කොලකනවාඩිය මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් බදාදා (5) දින පරීක්ෂාවට ලක්කිරිමෙන් අනතුරුව අදාළ බස් රථය එම ස්ථානයෙන් පිටවයාමෙන් පසු එම ස්ථානයේ මුදල් පසුම්බියක් බිම වැටි තිබියදී මෙකි යුද්ධ හමුදා මාණ්ඩලික සැරයන්වරයාට හමුවී තිබේ.

මුදල් පසුම්බිය හමු වූ වහාම 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ ‘සී’ කණ්ඩායමේ රාජකාරියේ යෙදී සිටි මෙම මාණ්ඩලික සැරයන්වරයා ඇතුළු අනිකුත් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එය සිය අණදෙන නිලධාරීයා වෙත භාරදී තිබේ. මුදල් පසුම්බිය තවදුරටත් පරික්‍ෂා කිරීමේදී එහි තිබු ලියකියවිලිවලින් හෙලි වූ තොරතුරුවලින් එය අංක 286, තිරුවල්ලුවර්, පෙරිය නිලවන්, මඩකලපුව හි පදිංචි අරුමුගම් ක්‍රිෂ්ණදේවි මහත්මියට අයත් බවට තොරතුරු අනාවරණය වී තිබිණි.

එම මාණ්ඩලික සැරයන්වරයා සිදු කළ සත්පුරුෂ ක්‍රියාව ඇගයීමට හා ප්‍රශංසාවට ලක්කළ 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරියා විසින් මඩකලපුව ප්‍රදේශයේ ස්ථාපිත නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය සමඟ සම්බන්ධීකරණය වීමෙන් අනතුරුව එම පසුම්බියේ නියම හිමිකරු සොයා ගැනීමට හැකි විය.

මෙම වටිනා භාණ්ඩ සහිත මුදල් පසුම්බිය සොයාගන්නා ලද මාණ්ඩලික සැරයන් ඩබ්ලිව්. ඒ. ප්‍රියන්ත කුමාර තවත් නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු ඉදිරියේ මුදල් පසුම්බිය එහි නියම අයිතිකරු වෙත නැවත භාරදෙන ලදී. Nike Sneakers | 『アディダス』に分類された記事一覧