Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2019 12:14:07 Hours

විල්පත්තුව වනෝද්‍යානයේ රෝපණය කිරීමට තවත් පැළ තොගයක් පරිත්‍යාග කරයි

විල්පත්තුව වනෝද්‍යානයේ රෝපණය කිරීම සඳහා හල්මිල, බටකිරිල්ල, මාර, කරද, කොහොඹ, මිදෙල්ල, කුඹූක් සහ නා ආදී දුර්ලභ විශේෂයන්හි පැළ 1203 ක් ඉකුත් බදාදා (12) දින පනාගොඩ පිහිටි යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ දී යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කිරීමට පෞද්ගලික සමාගමක් විසින් කටයුතු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාව දක්වන දායකත්වය ඇගයුමට ලක් කරමින්, AG Melco Elevator Company Lanka (Private) Limited and Youth of Hope organization විසින් එම පැළ තොගය සහ පැළ නඩත්තු කිරීමේ උපකරණ කිහිපයක් ද යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් බූවනෙක ගුණරත්න වෙත සංකේතාත්මකව ප්‍රදානය කරන ලදී. Best Nike Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov