Header

Sri Lanka Army

Defender of the Nation

17th June 2019 11:40:30 Hours

ඉන්දීය නියෝජිතයන් දිවයින පූරා සංචාරය කරයි

ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 159 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඉකුත් ඉරිදා (16) දින පින්නවල අලි අනාථාගාරයේ සහ මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව ද්වීපාර්ශවික හමුදා සුහද සංචාරයක් සඳහා පසුගිය සෙනසුරාදා (15) දින දිවයිනට පැමිණි ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ භාර්යාවන් සිය සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන අඟහරුවාදා (18) දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

මෙම නියෝජිත පිරිස මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සංචාරය සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ද එක්ව සිටියහ. short url link | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers