Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2019 12:51:38 Hours

ඉන්දු - ශ්‍රී ලංකා හමුදා සහයෝගිතාවයේ හා සුහදත්වයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉන්දිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය සන්නද්ධ හමුදාවන් අතර සහයෝගිතාව හා සුහදත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අභිලාෂයෙන් ඊට නව ප්‍රවේශයක් විවර කරදෙමින් දැවැන්ත අයුරින් සංවිධානය කරන ලද ද්වීපාර්ශවික ගවේෂණ සංචාරයක් සඳහා අද (15) දින උදෑසන ඉන්දිය ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 159 දෙනෙකු ඔවුන්ගේ භාර්යාවන් සමඟ දිවයිනට පැමිණි අතර එයට සමගාමීව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයින් 162 ක් ඔවුන්ගේ භාර්යාවන් සමඟ ඉන්දියාවේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්විය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් ගරු තරාන්ජිත් සිං සන්දු මහතා (HE Mr Taranjit Singh Sandhu) සහ මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා කටයුතු කළ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (15) දින උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී දිවයිනට පැමිණි ඉන්දිය නියෝජිත පිරිස උණුසුම් අයුරින් පිළිගත් අතර දිවයිනෙන් පිටපත්ව යන ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා නියෝජිත පිරිසට ද තම සුභපැතුම් පිරිනැමීය.

මේ අනුව, ඉන්දිය යුද්ධ හමුදා සාමාජිකයින් 95 ක් නාවික හමුදා සාමාජිකයින් 32 ක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 32 කින් සමන්විත ඉන්දීය නියෝජිත පිරිස ජූනි මස 15 සිට 18 දින දක්වා කාලය තුල දිවයිනේ කඳුරට සහ දකුණු ප්‍රදේශයන්හි සංචාරය කර එළඹෙන අඟහරුවාදා (18) දින යළි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සාම අපේක්ෂාවන්ට තවදුරටත් සහයෝගය දක්වමින් මෙතෙක් ඉන්දියාවෙන් දිවයිනට පැමිණි වැඩිම නියෝජිත පිරිස ලෙස ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙලෙස දිවයිනට පැමිණ ඇත.

මේ අනුව, සෙනසුරාදා (15) දින උදෑසන දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඉරිදා (16) දින පූජනීය බුද්ධගයාව වන්දනා කිරීමට නියමිතව ඇත. ඔවුන් ඉන්දියාවේ රැඳී සිටින කාලසීමාව තුළ දී බෞද්ධාගමික හා සංචාරක වැදගත්කමකින් යුත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට ද නියමිතය.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් සහ ඉන්දීය හමුදාව අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතාවලට කෘතගුණ සැලකීමක් ලෙස මෙම සුහද සංචාරය සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානයක් ලබා දී තිබිණි.

පසුගිය වසරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ඉන්දියාවේ වන්දනා චාරිකාවක නිතරවූ අතර එහිදි ඉන්දිය හමුදාව ඔවුන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දියත් කරන ලද නව පියවරක ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය වසරේදී ද මෙවැනි සංචාරයක් සිදුකළ අතර ඉන්දීය හමුදා සාමාජිකයින්ට ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙරටට පැමිණිමට නොහැකි විය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේදී, අදාළ ද්වීපාර්ශවීක සංචාරය සහ දෙරටේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර මිත්‍ර සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන දායකත්වය පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ යුද්ධ හමුදාධිපතිතුමන් සුහදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම අවස්ථාව වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සහ ගමන් පාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.අයි. මාරසිංහ, ශ්‍රී ලංකාවේ ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් අශෝක් කෝටේශ්වර රාඕ (Capt. Ashok Koteswara Rao) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දිවයිනෙන් පිටත්ව යන සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ ඥාති හිතවතුන් පිරිසක් ද ගුවන් තොටුපල පරිශ්‍රයට පැමිණ සිටියහ. best Running shoes brand | Shop: Nike