Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2019 12:40:28 Hours

විල්පත්තුව වනෝද්‍යානයේ රෝපණය කිරීමට යුද්ධ හමුදාව වෙත පෞද්ගලික පාසලක් පැල තොගයක් ලබාදෙයි

යුද්ධ හමුදාව දියත් කරනු ලැබු ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමිව විල්පත්තුව වනෝද්‍යානයේ රෝපණය කිරිම සඳහා පැල දෙසීය පනහක ප්‍රමාණයක් ඉකුත් බදාදා (12) දින බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත පරිත්‍යාග කිරිමට නුගේගොඩ රොටරි ජාත්‍යන්තර පාසල මගින් අනුග්‍රහය දක්වා තිබේ.

මෙම පරිත්‍යාගය සිදුකිරීමට ප්‍රථමයෙන් 14 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරී l (සම්බන්ධීකරණ) ලුතිනන් කර්නල් එම්.බී.බී.එන් හේරත් විසින් විල්පත්තුව වනෝද්‍යානයේ නැවත පැළ වගා කිරීමේ වැදගත්කම පිළිබඳව එහි රැස්ව සිටි පිරිසට දේශණයක් ද පවත්වන ලදී. එම අවස්ථාව සඳහා 142 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඒ.එස්. කුමාර ද සහභාගී විය.

එමෙන්ම, මෙම අවස්ථාව වෙනුවෙන් එම ජාත්‍යන්තර පාසලේ ගුරුවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අනධ්‍යයන කාර්ය්‍ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගී වූහ. Running Sneakers | Sneakers