Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2019 18:48:14 Hours

පුද්ගලික පරිත්‍යාගශීලින් විල්පත්තුව වන රක්‍ෂිතයේ රෝපණය කිරීමට පැළ තොගයක් ප්‍රදානය කරයි

යුද්ධ හමුදාව විසින් දැනට ක්‍රියාත්මක කරමින් පවතින් ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩසහන සඳහා මහජනතාවගේ සහයෝගය දිනෙන් දින වැඩිවෙමින් පවතින අතර, විල්පත්තුව රක්‍ෂිතය සහ ඒ අවට ප්‍රදේශයේ පැළ රෝපණය කර පරිසරයේ තිරසාරත්වය රැක ගැනීම සඳහා මහජනතාව සහයෝගය ලබාදෙනු ලබයි. ‍

මර්කන්ටයිල් ආයෝජන හා මූල්‍යමය පුද්ගලික සමාගම නියෝජනය කරමින් දනුෂ්ක ෆොන්සේකා මහතා, උදාරා ජයසුන්දර මහත්මිය සහ රොෂානී ඉදුරුවගේ මහත්මිය අඟහරුවාදා (11) දින මධ්‍යහනේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමූවූ අතර එහිදි, කුඹුක්, මී, කොහොඹ, තේක්ක සහ මහෝගනි ආදී දුර්ලභ විශේෂ පැළ 2000 කට අධික ප්‍රමාණයක් ප්‍රදානය කර විල්පත්තුව වන රක්‍ෂිතයේ නැවත රෝපණය කිරීම සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාදෙන ලදී.

යුද්ධ හමුදාවේ ආදර්ශවත් කැපවීම ඇගයුමට ලක් කරමින් විල්පත්තුව රක්‍ෂිතය නැවත පැළ රෝපණය කිරීම සඳහා දායකත්වය දැක්වීම පරිත්‍යාගශීලින්ගේ වගකීමක් බව මෙහිදි ඔවුන් සඳහන් කළේය.

අනාගත පරම්පරාවන්ගේ යහපත උදෙසා විල්පත්තුව රක්‍ෂිතයේ නැවත රෝපණය පැළ කිරීමේ දුෂ්කර කාර්යය භාරගැනීමට යුද්ධ හමුදාවට සිදුවූ බව මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසීය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම සුහද හමුව අවසානයේ, දනුෂ්ක ෆොන්සේකා මහතා විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සංකේතාක්මක පැළයක් ප්‍රදානය කරන ලදී. affiliate link trace | Nike Off-White