Header

Sri Lanka Army

Defender of the Nation

10th June 2019 07:59:10 Hours

ආදී ආනන්දීය 82 වන කණ්ඩායමේ අනුග්‍රහකත්වයෙන් යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව නිවාස සහ සනීපාරක්‍ෂක ඒකක ඉදිකරදෙයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මූලිකත්වයෙන් ආදී ආනන්දීය 82 වන කණ්ඩායමේ අනුග්‍රහකත්වය ඇතිව යාපන අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව නිවාස සහ සනීපාරක්‍ෂක ඒකක ඉදිකරදීමේ මානුෂිය ව්‍යාපෘතියට සමගාමීව එහි පළමු අදියර යටතේ ඉදිකරනු ලැබූ නව නිවසක් සහ සනීපාරක්‍ෂක ඒකක 18 ක් ඉකුත් සිකුරාදා (18) දින එම ප්‍රතිලාභීන් වෙත සංකේතාත්මකව භාර දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් කටයුතු කර තිබිණි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ ආනන්දීයන්ගේ 82 වන කණ්ඩායම විසින් අඩු ආදායම්ලාභි පවුල් සඳහා සනීපාරක්‍ෂක ඒකක 18 සහ නිවසක් ඉදිකරදීම සඳහා අවශ්‍ය මූල්‍යමය ආධාර ලබාදෙන ලදී.

අදාළ නිවසේ ඉදිකිරීම් කටයුතු 2 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් සිදුකර තිබිණි. 51 වන සේනාංකයේ අධීක්‍ෂණය යටතේ එම සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස් විසින් තෝරාගත් පවුල් වෙනුවෙන් ඉදිකරනු ලැබූ සනීපාරක්‍ෂක ඒකක 18 ක්ද ‘කඩ්ඩුවාන්’ ප්‍රදේශයේ පැවැති උත්සවයකදී එම පවුල් වෙත සංකේතාත්මකව භාරදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, ආදී ආනන්දිය 82 වන කණ්ඩායමේ පරිත්‍යාගශීලින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රතිලාභීන් ඇතුළු ප්‍රදේශවාසින් රැසක්ද සහභාගි වූහ. Sports Shoes | Jordan Ανδρικά • Summer SALE έως -50%