Header

Sri Lanka Army

Defender of the Nation

04th June 2019 16:49:46 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශිෂ්‍ය නායකයින් හට නිළ ලාංඡන පළදවයි

කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් හට නිළ ලාංඡන පැළදවීමේ උත්සවය අඟහරුවාදා (04) දින උදෑසන එම විද්‍යාලයේදි පැවැත්වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගීවිය.

ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයින් සහ කණිෂ්ඨ ශිෂ්‍ය නායකයින් 121 දෙනෙකුන් හට ශිෂ්‍ය නායක ලාංඡන පැළදවීම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලැබිණී. අනතුරුව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම පාසලේ සිසුන් අමතමින් රට තුළ වගකිවයුතු හා උගත් බුද්ධිමත් පුරවැසියන් බවට පත්වීමට අවශ්‍ය බව අවධාරණය කළේය.

අනතුරුව විදුහල්පති එස්.එම්.ඩී. උදිත බණ්ඩාර මහතා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරාල් සිල්වා වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනැමීය. Running sports | Air Jordan