Header

Sri Lanka Army

Defender of the Nation

02nd June 2019 08:42:17 Hours

පලාලි කඳවුරු භූමියේ නිසැක නොකරන ලද ඉඩමක තිබූ පැරණි පුපුරණ උපකරණයක් පුපුරා යාමෙන් සෙබළෙකු මරුමුවට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබයි

පලාලි කඳවුරට අයත් වාසවිලාන් ප්‍රදේශයේ නිසැක නොකරන ලද ඉඩමක තිබූ පැරණි පුපුරණ උපකරණයක් (Explosive Device) අනපේක්‍ෂිත ලෙස පිපිරීම හේතුවෙන් සෙනසුරාදා (01) දින සවස 3.30 ට පමණ එක් සෙබලෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

මෙම ප්‍රදේශය ශුද්ධ පවිත්‍ර කිරීමට යාමේදී සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් වැළලී තිබුණියැයි සැක කෙරෙන මෙම උපකරණය හදිසියේ පුපුරාගොස් ඇත.

ශ්‍රී ලංකා පොලීසිය සහ යුද්ධ හමුදා පොලීසිය විසින් අදාළ සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාව තුල 97% ක් පමණ මානුෂීය වෙඩි බිම්කෙත් නිසැක කිරීම් කටයුතු සිදුකර ඇති අතර, ප්‍රමුඛතාවය ලබාදී ඇත්තේ යුද්ධයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කරලීම් සඳහා වන අතර, යුද්ධ හමුදා කඳවුරු ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශ තවදුරටත් නිසැක කිරීම් කටයුතු සිදුකිරීම සඳහා ඉතිරිව ඇත.buy footwear | Air Max