Header

Sri Lanka Army

Defender of the Nation

28th May 2019 16:23:30 Hours

‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික අංශයේ සහය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘තුරුලිය වෙනුවෙන් අපි’ නැමති හරිත පරිසරයක් නිර්මාණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියට අනුග්‍රහය දැක්වීම සඳහා ප්‍රවිණ මෝස්තර නිර්මාණ සමාගමක් වන GFLOCK පුද්ගලික සමාගම පසුගිය අඟහරුවාදා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මුනගැසී දිවයිනේ රුක් රෝපණය අත්‍යවශ්‍ය ප්‍රදේශයන්හී සිටුවීම සඳහා මහෝගනී, කුඹුක්, පළු, සියඹලා ආදි පැල වර්ග 5000 ක් පරිත්‍යාග කරනු ලැබිනි.

GFLOCK සමූහ සමාගමේ සභාපති රනිල් විලද්දගේ මහතා විසින් යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී සංකේතාත්මකව මෙම පැල වර්ග හමුදා සාමාජිකයින් හට බෙදාදී රෝපණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කරනු ලැබිනි.

ලුතිනන් ජෙනරාල් සේනානායක එහිදි අදහස් ප්‍රකාශ කරමින් 'තුරුලිය වෙනුවෙන් අපි' ව්‍යාපෘතිය සිවිල් ජනතාවගේ සහභාගීත්වය ඇතිව කාලෝචිත ව්‍යාපෘතියක් ලෙස සලකමින් ජාතික අවශ්‍යතාවයන් සඳහා යුද්ධ හමුදාව විසින් දියත් කරන ලද ව්‍යාපෘතියක් බව පැවසීය.

මේ ජාතික ව්‍යාපෘතිය පිළිබඳව මහජනතාව දැනුවත්වීමෙන් වැඩිදුරටත් ලුතිනන් ජෙනරාල් සේනානායක සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතිය තුළින් ඉදිරි පරම්පරාව සඳහා යහපතක් අත්කර ගැනීමට සිවිල් ජන සහයෝගයෙන් හැකිවනු ඇති බවයි.

එම අවස්ථාවට එක්වූ පිරිස පවසා සිටියේය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඕනෑම අභියෝගයක් භාරගත හැකි බැවින් මෙම ජාතික ව්‍යාපෘතියද සාර්ථකව සිදුකිරිමට හැකි බවයි. Sport media | Jordan Ανδρικά • Summer SALE έως -50%