Header

Sri Lanka Army

Defender of the Nation

18th May 2019 22:00:33 Hours

බූදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකිරීමේ ‘ප්‍රතිපත්ති’ පූජාවට දිවයිනපුරා යුද්ධ හමුදා සාමාජිකයින් එක්වෙයි

වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් වෙසක් පූර පසළොස්වක පොහෝදින (සෙනසුරාදා 18) දවසපූරා පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී සීල සමාදන වැඩසටහනක්, ධර්ම දේශනාවක්, ධර්ම සාකච්ඡාවක් සහ බෝධි පූජා පිංකමක් යුද්ධ හමුදාව විසින් පවත්වන ලදි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා බෞද්ධ සංගමය විසින් සංවිධානය කල මෙම වැඩසටහන සඳහා බැතිමතුන් ඇතුළු සිවිල් වැසියන් 2000 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙහිදි, සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ සිවිල් කාර්ය මණ්ඩලයට ආශිර්වාද එක්කල අතර රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුන්ට පිං අනුමෝදන් කළහ.

එමෙන්ම, කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෙසක් කුඩු සහ වෙනත් සැරසිලිවලින් සමන්විත වර්ණවත් වෙසක් කලාපයක් ප්‍රදර්ශනය කෙරේ.

මේ අතර, වෙසක් උත්සවයට සමගාමීව සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා, පුහුණු පාසල්, ඉදිරි නඩත්තු පෙදෙස් නියෝජනය කරමින් එම ප්‍රදේශයන්හි සීල සමාදාන වැඩසටහන්, ධර්ම දේශනා, ශ්‍රමදාන වැඩසටහන්, රුධිර පරිත්‍යාග වැඩසටහන්, වෙසක් කූඩු සහ වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කිරීම, දන්සල්, බැති ගී ප්‍රසංග ඇතුළු මානුෂීය වැඩසටහන් රැසක් වෙසක් පුර පසළොස්වක පොහෝදින (ඉරිදා 18) පැවැති අතර සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන්ගේ උපදෙස් මත නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනකගේ සහයෝගය ඇතිව එම වැඩසටහන් සාර්ථකව පවත්වන ලදී. ඒ අනුව, සංවිධානය කරන ලද වැඩසටහන්වල ඡායාරූප පහතින් දැක්වේ: Nike footwear | Nike Off-White