Header

Sri Lanka Army

Defender of the Nation

22nd April 2019 21:27:48 Hours

ත්‍රස්තවාදී සංවිධාන, ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ ජාලයන් යුද්ධ හමුදාධිපති විසින් හඳුනාගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (22) දින කොළඹ බිෂෝප් නිවසේදී කොළඹ අගරඳගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමුවූ අතර එහිදි අවාසනාවන්ත ලෙස සිදු වූ මෙම සිදුවීමෙන් පසු හුවමාරු වන තොරතුරු පිළිබඳ බුද්ධි අංශ අතර නිසි සම්බන්ධතාවයකින් පවත්වාගැනීමේ අවශ්‍යතාවයත්, මාධ්‍ය විමසීම් සඳහා දක්වන ප්‍රතිචාර පිළිබඳවත් මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනු ලැබිනි

“කිසිවෙකුට වරද පැටවිය යුතු නැති වුවත් මේ පිළිබඳව යුද්ධ හමුදාව දැනුවත් කළේ නැත. සෝදිසි කිරීම්, අත්අඩංගුවට ගැනීම් සහ මාර්ග බාධක යෙදවීම් සඳහා යුද්ධ හමුදාව වෙත බලය ලබා දී ඇති අතර තම රාජකාරිය නිසි ආකාරව ඉටුකිරීම සඳහා යුද්ධ හමුදාව කැපවී සිටින හෙයින් මහජනතාව සන්සුන්ව සහ නිහඬව කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිමි.”

මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“අතිගරු ජනාධිපතිතුමා ඉරිදා (21) දින රාත්‍රියේ නිවසට පැමිණිමෙන් අනතුරුව විශේෂ ආරක්‍ෂක මාණ්ඩලික සැසියක් අද (22) දින උදෑසන ගරු අග්‍රමාත්‍යතුමා, අධිකරණ ඇමති, අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහ ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විය. එහිදි, මෙම සිදුවීම් සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව අපි මෙහිදී සාකච්ඡා කෙරිණි.

එබඳු සිදුවීම් නැවත නැවතත් අනාගතයේදී වළක්වාගත හැකි ආකාරය පිළිබඳව ද අපි මෙහිදී සාකච්ඡා කල අතර අදාළ ආයතන සහ සේවාවන් ඔවුන්ගේ කාර්යභාරයන් සහ වගකීම් මැනවින් ඉටුකරනු ඇත. උදාහරණයක් ලෙස පොලිස්, යුද්ධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඔවුන්ගේ කාර්යභාර්යන් ඉටු කරනු ඇත. එමෙන්ම, දේශපාලන අධිකාරි, අධිකරණ ක්‍ෂේත්‍රය ආදී විවිධ අංශවල කාර්යභාරය පිළිබඳව ද අපි මෙහිදී සාකච්ඡා කෙරිණි.

මම හමුදාව ගැන කතා කරනවා නම්, වර්තමානයේ පවතින තත්ත්වය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට නීත්‍යානුකූල බලතල නොමැති නමුත් ජාතික අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් යුද්ධ හමුදා භටපිරිස් දැනටමත් දිවයින පූරා ආරක්‍ෂක කටයුතු සඳහා යොදවා ඇත. බහුජාතික ප්‍රජාවන් ජීවත්වන රටක වර්ෂ 1983 ජූලි මස ඇතිවූවා සේම කැරළි කෝලහාල නැවත ඇති නොවීමට වගබලා ගත යුතුය.

සාමය තහවුරු කරගැනීම සඳහා ඊයේ මෙන් පොලිස් ඇඳිරි නීතිය අද දිනයේ ද ක්‍රියාත්මක කරනු ඇත. මෙය මහජනතාවගේ ආරක්‍ෂාව සහතික කිරීමයි. උදාහරණයක් ලෙස, පොලිස් නිලධාරීන් නොමැති වූවද සෝදිසි කිරීම්, වාහන පරීක්‍ෂාව, නිරීක්‍ෂණ මෙහෙයුම සහ අත්අඩංගුවට ගැනීම් මෙම හදිසි අවස්ථා කාලය තුලදී යුද්ධ හමුදා භටයින් විසින් සිදුකිරීමට අනුමැතිය ලබාගන්නා ලදී.

මීට අමතරව, මෙම සංවිධාන ජාලය අපි මේ වනවිටත් හඳුනාගෙන තිබෙනවා. හඳුනාගත් සංවිධාන සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ මෙම විශේෂ සැසියේදී සාකච්ඡා කෙරිණි. අපි ඔවුන්ගේ අන්තර්ජාතික සම්බන්ධතා, දේශීය ජාලයන්, විවිධ ස්ථානවල ව්‍යාපෘතින් සහ අනෙකුත් සම්බන්ධතා ආදිය පිළිබඳව ද විමර්ශනය කරනවා.

බුද්ධිමය තොරතුරු හුවමාරු කරගැනීමේ දී පසුබෑමක් පවතින බව මා පැහැදිලිවම සඳහන් කළ යුතුය. යුද්ධ හමුදාවේ වගකීම මම භාරගන්නවා නොවේ. අතිගරු ජනාධිපතිතුමාගේ තීරණය අනුව, අනාගතයේදී සියලු ආයතනයන් අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමෙන් එය රටේ ඉදිරි කටයුතු සිදු කරගැනීමට වඩාත් පහසුවනු ඇත.

මා ජනතාවට පණිවුඩයක් ලබා දෙනවා නම්, මා ජනවාර්ගික, ආගමික හෝ වෙනත් වෙනස්කම් නොසලකා යුද්ධ හමුදා ක්‍රියාකාරි භූමිකාවන්ට සහයෝගය දක්වන්නෙමි. ඔබේ ආරක්‍ෂාව සඳහා අප හා අපගේ කාර්යභාරය පිළිබඳව මා ඔබට සහතික වෙමි. අපි හමුදාමය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරීන්ගේ විධිවිධාන ලබාගැනීමට බලාපොරොත්තු වන අතර නිසි ආකාරයෙන් පවත්නා නීතිමය රාමුව තුළ අපට ඒවා ක්‍රියාත්මක කල හැකිය.

යුද්ධ හමුදාධිපති වශයෙන් මා ඉල්ලා සිටින්නේ අවම වශයෙන් කෙටිකාලයක් තුල හදිසි නීති රෙගුලාසි පනවන ලෙසයි. ඒ සඳහා අවශ්‍ය විධිවිධාන තිබෙනවා. එමෙන්ම, මේ පිළිබඳව අපට සොයාගත හැකි නමුත් මේ මොහොතේ ඕනෑම සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම පිපිරිම් මාලාව පිළිබඳ මෙහිදි කිසිවෙකු මත වරද පැටවීම නොකළ යුතු නමුත් මේ පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය කල්තියාම දැනගෙන සිටියා.

අප ලබා ගන්නා තොරතුරු ප්‍රමාණවත් නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමට අපට බලයක් නොමැත. මෙහි ගැටළු සහගත තත්ත්වය නම් අපි අත්‍යවශ්‍ය තොරතුරු අන් අයට ලබා දුන්නද ඔවුන් මේ සඳහා ක්‍රියාත්මක වන ආකාරයයි. රටේ සෑම තැනකම යුද්ධ හමුදා භටයින් යොදවා ඇති අතර අවශ්‍යතාවය මත තවත් යුද්ධ හමුදා භටයින් යොදවනු ඇත. මේ තත්ත්වය ඉක්මණින් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි මම විශ්වාස කරමි.

අගරඳගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් සමඟ මා සුහද සාකච්ඡාවක් සිදුකළ අතර එහිදි සමීපව බැලුකල මෙය ක්‍රිස්තියානි සහ ඉස්ලාම්වාදි ගැටුමක් නොවන අතර මෙම තත්ත්වය වාර්ගික හෝ ආගමික ගැටුමක් බවට වර්ධනයවීමට ඉඩ නොදිය යුතුය. නමුත් අපගේ අවබෝධය ඉක්මවා නොයෑමට විවිධ දෘෂ්ඨිකෝණයන් සහ පැතිකඩයන් තිබීය හැකිය. මෙම අවස්ථාවේදි අපි විසින් එතුමන් හට ආරක්‍ෂාව සැපයිය යුතු අතර ඔහු අනවශ්‍ය ලෙස ප්‍රචණ්ඩත්වයේ ඉලක්කයක් නොවිය යුතුය. තවද මෙහිදි මා විසින් ඉල්ලා සිටියේ මෙම කාලය තුල එතුමන්ගේ නිවසේදී පමණක් ජනයා හමුවීම සුදුසුයි යනුවෙනි.

මෙම ත්‍රස්තවාදි සංවිධානය කුඩා නමුත් අපට මෙහිදි විදේශිය සම්බන්ධතා නොසලකා හැරිය නොහැකි අතර ඔවුන් භාවිතා කළ දේවල් වලින් විදේශිය පුහුණුව ලබා ඇති බවට අපට තහවුරු කරගත හැකිය. නමුත් මෙම පහසුකම් ශ්‍රී ලංකාව තුලද පැවතීමේ හැකියාවක් ඇත. මේ සඳහා ඔවුන්ට විදේශිය අරමුදල් ලැබීමක් ද සිදුවීය හැක. රට තුළ මෙවැනි සංවිධාන ගණනාවක් තිබීය හැකිය”. (නිමාව) latest Nike release | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp