Header

Sri Lanka Army

Defender of the Nation

22nd September 2018 17:34:56 Hours

යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2018 උත්සවාකාරයෙන් නිමාවේ

විවිධ ක්‍රීඩා කෞෂලයන්ගෙන් හෙබි නොසැලෙන ධෛර්යයකින් යුත් මානුෂීය මෙහෙයුමේදි විවිධ ආබාධ වලට ලක්වු යුද්ධ හමුදා රණවිරුවන් 700 කගේ පමණ සහභාගිත්වයෙන් පැවැති ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2018’ සැප්තැම්බර් මස 21 දින හොරණ, දියගම ක්‍රීඩාංගනයේ දී උත්සවාකාරයෙන් නිමාවට පත්විය.

යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 19 දින සිට 21 දින දක්වා පැවැති යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2018 හී සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න සහභාගි වූ අතර මෙම ක්‍රීඩා උළලේ ජවන හා පිටිය තරඟ ඉසව්වන්හි ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීමට ද එතුමන් එක්විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමේන් අනතුරුව ප්‍රධාන පිඨිකාව වෙත කැටුව යන ලදී.

මෙවර යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් රෝද පුටු පැසි පන්දු, බැඩ්මින්ටන්, බයිසිකල් පැදීම, රෝද පුටු මැරතන්, දුනු විදිම, බර ඉසිලිම, අත් පන්දු, ආසන මත සිට කෙරෙන අත් පන්දු ක්‍රිඩාව, වෙරළ අත් පන්දු, මේස පන්දු, ක්‍රීකට්, පිහිනුම්, රෝද පුටු මේස පන්දු, වායු තුවක්කු වෙඩි තැබිම් සහ මලළ ක්‍රීඩා වැනි විවිධ තරඟ ඉසව් රැසක් සඳහා සහභාගි විය. Nike footwear | Klær Nike