Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2018 22:17:00 Hours

යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2018 උත්සවාකාරයෙන් ආරම්භ වේ

විවිධ ක්‍රීඩා කෞෂලයන්ගෙන් හෙබි නොසැලෙන ධෛර්යයකින් යුත් මානුෂීය මෙහෙයුමේදි විවිධ ආබාධ වලට ලක්වු යුද්ධ හමුදා රණවිරුවන් 700 කගේ පමණ සහභාගිත්වයෙන් ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2018’ සැප්තැම්බර් මස 19 දින උත්සවාකාරයෙන් හොරණ, දියගම ක්‍රීඩාංගනයේ දී නිල වශයෙන් ආරම්භ විය.

යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2018 හී සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහභාගි විය.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ උප සභාපති මේජර් ජෙනරාල් රජිව වික්‍රමසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

තෙදිනක් පුරා පැවැත්වීමට නියමිත පැරා ක්‍රීඩා උළෙල රෝද පුටු පැසි පන්දු, බැඩ්මින්ටන්, බයිසිකල් පැදීම, රෝද පුටු මැරතන්, දුනු විදිම, බර ඉසිලිම, අත් පන්දු, ආසන මත සිට කෙරෙන අත් පන්දු ක්‍රිඩාව, වෙරළ අත් පන්දු, මේස පන්දු, ක්‍රීකට්, පිහිනුම්, රෝද පුටු මේස පන්දු, වායු තුවක්කු වෙඩි තැබිම් ඇතුළු ජවන හා පිටිය මෙන්ම මළල ක්‍රීඩා තරඟ ඉසව් 72 ක් ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතය.

යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල - 2018 හි සමාප්ති උත්සවය සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට නියමිත අතර තවද මෙම ක්‍රීඩා උළෙල 21 වන වරට මෙවරත් පවත්වනු ලබයි.

ඩයලොග් ආසියාටා සමාගම විසින් සිව්වන වරටත් යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙනු ලබයි.

1991 වර්ෂයේ දී ආරම්භ වු ‘යුද්ධ හමුදා ආබාධිත ක්‍රීඩා උළෙල’ 2010 වර්ෂයේ සිට ‘යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල’ ලෙස නම් කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ජ්‍යෙෂ්ඨ නිලධරින්, යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ ලේකම් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. jordan Sneakers | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival