Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2018 13:49:00 Hours

ගැමුණු හේවා ඉතිහාසයේ පළමු ‘වර්ණ රාත්‍රිය’ ඉතා උත්කර්ෂවත් අයුරින්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තුවක් වන ගැමුණු හේවා රෙජිමේන්තු ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩා කෞෂල්‍යයන් අගයමින් බදාදා (12) දින සන්ධ්‍යාවේ දී කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී ඉතා උත්කර්ෂවත් ‘වර්ණ රාත්‍රියක්’ පවත්වනු ලැබු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායමේ සංස්කෘතික සහ සංගීතමය අංගයන්ගෙන් මෙන්ම රෙජිමේන්තුවට ආවේනික වූ ඉදිරිපත් කිරීම්වලින් වර්ණවත් වූ මෙම රාත්‍රියේ දී, පසුගිය වසර කිහිපය තුළ ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ගැමුණු හේවා රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් 102 ක් සඳහා වර්ණ ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ශ්‍රවණාගාරයේ ප්‍රධාන දොරටුව අභියස දී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, රට දැය වෙනුවෙන් දිවිපිදු යුද්ධ හමුදා රණවිරුවන් සිහිකරමින් විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් පැවැත්විය. ගැමුණු හේවා රෙජිමේන්තුවේ විශීෂ්ඨත්වය හා අන්නෝන්‍ය සබැඳියාව නිරෑපනය කරමින් රෙජිමේන්තු ගීතය ගායනා කරන ලදී. ඉන් පසුව, ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් පිළිගැනීමේ දේශනය පවත්වනු ලැබීය.

පසුගිය වසර කිහිපය තුළ ජාතික හා ජාත්‍යාන්තර මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශීෂ්ඨ දක්ෂතා දැක්වු ගැමුණු හේවා රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් වෙත අදියර 5 ක් යටතේ වර්ණ ප්‍රදානය කිරීම සඳහා සංදර්ශනයේ අවසන් භාගයේ දී ප්‍රධාන ආරධිත අමුත්තාට පීඨිකාවට ආරාධනා කරන ලදි.

මෙහිදි අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් “මාතෘ භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවූ ගැමුණු රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් දිරීගන්වමින් ඉතිහාසයේ පළමු වරට මෙම වර්ණ රාත්‍රිය සංවිධානය කිරීම වෙනුවෙන් මම ගැමුණු හේවා රෙජිමේන්තු අධිපතිතුමන්ට ස්තුතිවන්ත වන අතර අභිමානවත් රෙජිමේන්තුවක් ලෙස ශ්‍රී ලාංකීකයන් අතර නමක් දිනාගැනීමට සාර්ථක වී ඇති ඔබ රෙජිමේන්තුව අප හදවත් තුල සදාකාලීකව මතකයේ රැදෙනු ඇත. තවද ගැමුණු හේවා රෙජිමේන්තුවේ සියලුම නිලයින් දැක්වූ දක්‍ෂතාවයන් හා නායකත්වය මම මේ අවස්ථාවේ අගයකොට සලකමි.” යනුවෙන් පැවසීය.

ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සිය කෘතඥතාවය ප්‍රකාශ කරමින් උත්සවය අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

උත්සවය අවසානයේ, යුද්ධ හමුදාධිපතිතුමන් ගැමුණු හේවා රෙජිමේන්තුවේ වර්ණලාභින් සමඟ සමුහ ඡායාරූපයක් සඳහා ද පෙනී සිටිහය.

‘නොනැවති ඉදිරියට’ යන ආදර්ශ පාඨය පෙරදැරීව වඩමාරච්චි, සත්බල, බලවේගය, ත්‍රිවිධ බලය, අකුණු පහර, රිවිරැස, එඩිබලය සහ ජයසිකුරු යන මානුෂිය මෙහෙයුම් සඳහා එක්වු ගැමුණු හේවා රෙජිමේන්තුවේ නිලධාරින් 138 සහ සෙසුනිලයින් 3031 රට වෙනුවෙන් දිවිපිදු අතර නිලධාරින් 12 ක් සහ සෙසුනිලයින් 393 ක් ක්‍රියාන්විතයේ දී අතුරුදන්ව ඇත. තවද ගැමුණු හේවා රෙජිමේන්තුවේ නිලධාරින් 63 ක් සහ සෙසුනිලයින් 1438 ක් ආබාධිත තත්ත්වයට පත්ව ඇත. buy shoes | Mens Flynit Trainers