Header

Sri Lanka Army

Defender of the Nation

15th August 2018 17:15:56 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු රණවිරුවන්ගේ දු දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ රටවෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ දූ දරුවන් වෙත ‘දහම් පහණ’ සංවිධානයේ සහෝදර චාර්ල්ස් තොමස් තුමන් විසින් ශිෂ්‍යත්ව 100 ක් ප්‍රදානය කිරීම අඟහරුවාදා (14) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී සිදු කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රමුඛ සහෝදර චාර්ල්ස් තෝමස් තුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

සම්ප්‍රදායිකව පොල්තෙල් පහන දල්වා, රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මෙන්ම යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් තාක්‍ෂණික විශේෂඥතාවය සහ කුසලතා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් හි වගකීම් හා කාර්ය භාර්යයන් විඩීයෝ පටයක් මඟින් පැහැදිලි කරමින් එහි පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් පිරිස පිළිගැනීමේ කතාව සිදු කරන ලදි.

මෙම ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වන ජීවිතයේ සැබෑ අරුත පිළිබඳ සෞන්දර්යාත්මක වටිනාකම පිළිබඳව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙහිලා සුප්‍රසිද්ධ සහෝදර චාර්ල්ස් තෝමස් තුමන් මෙහිදි සිදු කෙටි දේශනයක් සිදු කරමින් සිය සංවිධානය ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ දු දරුවන් වෙත උපකාර කිරීම සබැඳිව පිළිබඳ අවධාරණය කළේය.

එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, චන්ද්‍රිකා සේනානායක මහත්මිය සහ සහෝදර චාර්ල්ස් තෝමස් තුමන් ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීම සඳහා එක්වූහ.

ඉන් අනතුරුව, මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය දැක් වූ සහෝදර චාර්ල්ස් තෝමස් තුමන් සහ ප්‍රධාන අනුග්‍රහකයින් වෙත යුද්ධ හමුදාධිපතිතුමා විසින් සමරු තිළිණ ද ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ නිලධාරීන්, එහි සාමාජිකයින් සහ ආරාධිතයින් රැසක් එක්ව සිටියහ. Sports Shoes | Nike Air Max