Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2018 14:41:24 Hours

යුද්ධ හමුදාවේ සියලු ආරක්‍ෂක සේනා මූලස්ථානවල ඔසුපැළ 135,000 කට වැඩි ප්‍රමාණයක් සිටවීමේ වැඩසටහනක් අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමඟ එක්ව තවත් දැවැන්ත ජාතිය ගොඩනැංවිමේ ව්‍යාපෘතියක් ලෙස දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයන්හි ඔසුපැළ 135,000 ක් සිටුවිමේ වැඩසටහනක් ආරසම්භ කර ඇති අතර, එහි සමාරම්භක උත්සවය බ්‍රහස්පතින්දා (09) දින උදෑසන විහාරමහාදේවි උද්‍යානයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘පුනරුදය’ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වගකීමෙන් යුතුව සඳුන්, රතු සඳුන්, කොමාරීකා, පාවට්ටා සහ දෙළුම් පැල ආදී ආර්ථික වටිනාකමින් යුත් පැල දිවයින පුරා පිහිටි සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි රෝපණය කිරීමට නියමිතය.

පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස විහාරදේවි උද්‍යාන භූමියේ දී මෙම ව්‍යාපෘතිය ස්මාරම්භක උත්සවය වෙත සපැමණි අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් සංකේතාත්මකව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පැළයක් භාරදෙනු ලැබීය.

මෙම උත්සවය, අතිගරු ජනාධිපතිතුමන්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්ත සහ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නිලධාරින්ගේ පැමිණිමත් සමඟ ආරම්භ විය. ජාතික ධජය එසවීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පැවැත්වූ අතර මෙම උත්සවයේ පිළිගැනීමේ කථාව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති මෙන්ම සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය ‍රාජිත සේනාරත්ත විසින් සිදුකරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති තුමන් විසින් ලබා දී ඇති උපදෙස් අනුව යුද්ධ හමුදා කෘෂිකර්ම අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පැළ 135,000 ක් රෝපණය කිරීම සඳහා යුද්ධ හමුදා කෘෂිකර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ විධිමත් පදනමක් මත බෙදා හැරීමට නියමිතය.

එ් අනුව, යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැළ 39,300 ක්, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැළ 11,400 ක්, නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැළ 11,062, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැළ 34,521 ක්, මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැළ 12,500 ක්, බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැළ 14,111 ක් සහ මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැළ 6,912 ක් බෙදාදීමට නියමිතය. තවද ඉදිරි සතියේ දී අනුරාධපුරයේ දී පැළ 8,678 ක්, වවුනියාවේ දී පැළ 2,042 ක් සහ මන්නාරමේ දී පැළ 681 බෙදාහැරීමට නියමිතව ඇත.

ජනාකීර්ණ ප්‍රදේශයන් පිළිබඳ අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අනුග්‍රහකත්වය යටතේ පැළ වගාකිරීම සඳහා අවශ්‍යකරණ බඳුන් 7,800 ක් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් එක් එක් ආරක්‍ෂක සේනා මුලස්ථානයන්හි අධීක්‍ෂණය යටතේ බෙදාදීමට පියවර ගෙන ඇත. url clone | Nike for Men