Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2018 20:25:55 Hours

ශ්‍රී ලංකා සංඥා බලකාය සයිබර් තර්ජනයන්ට එරෙහිව සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පෙරමුණට - යුද්ධ හමුදාධිපති පවසයි

බහුමාන්‍ය දර්ශනයක් වන දියුණු තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) සහ සයිබර් අවකාශය පිළිබඳ වෘත්තීමයභාවය ලෝකයට පෙන්නුම් කරමින් යුද්ධ හමුදා සංඥා බලකාය නොවැම්බර් මස 28 සහ 29 යන දිනයන්හිදි ‘සයිබර් අවකාශයත සදාතන යුධ පෙරමුණ’ යන තේමාව යටතේ කාලෝචිත ජාත්‍යන්තර සමුළුවක් සහ දැවැන්ත ‘තරංගයක්’ ලෙස තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රදර්ශනයක් සමඟින් අති උත්කර්ෂවත් අයුරින් 75 වන සංවත්සරය සැමරීමට නියමිතය.

ශ්‍රී ලංකා සංඥා බලකා 75 වන සංවත්සර සැමරුම් කටයුතු පිළිබඳ මාධ්‍ය සකච්ඡාව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් බදාදා (28) දින පස්වරුවේ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ දී පැවති අතර, පර්යේෂණ විශ්ලේෂණ ව්‍යාපෘති හා සංවර්ධන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් රේණුක රොවෙල් (විශ්‍රාමික), ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටම්පිටිය සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මාධ්‍ය හමුව අමතමින්, යුද්ධ හමුදාවේ ස්ථාවරත්වය තුළ තවත් කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘සාම්ප්‍රදායික තර්ජන’ පාදක කරගත් රටාව වෙනස් කර ‘ධාරිතාවය පදනම් කරගත්’ රටාවක් නිර්මාණය කරමින් පවතින බව පැවසීය. තවද, පැරණි යුද කලාව පරිදි ගොඩබිමට, මුහුදට සහ ගුවනට සීමා නොවී ඉන් ඔබ්බට යමින් තාක්ෂණික දියුණුව හමුදාවන්හි ක්‍රියාකාරිත්වය සඳහා වඩාත් බලපාන මෙවන් අවධියක, විශේෂයෙන්ම නවීන යුධවේද සංකල්පය තුලට “සයිබර් ක්‍රියාකාරකම්, යුද්ධය සඳහාවන”, පස්වන මානය නැතහොත් 5th dimension of war වශයෙන් එක්වී ඇති අවස්ථාවක, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේහි සංඥා සම්බන්ධතා, විද්‍යුත් සංග්‍රාමික කටයුතු, තොරතුරු තාක්ෂණය හා සයිබර් ආරක්ෂාව යන අංග ඔස්සේ සංඥා බලකාය වෙත පැවරෙන වඩාත් වූ භාරදුර වගකීම ගෙනහැර දක්වන ලදී.

යුද කලාව නිරන්තරයෙන් වෙනස්වන ස්වභාවයන්ගෙන් යුක්තය. එසේම ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද සයිබර් අවකාශයේ ඕනෑම අභියෝගයක් සඳහා මෙන්ම මෘදු බලයෙන් ඇති කෙරෙන ඕනෑම බලපෑමක් සඳහා සුදානම් අතර තොරතුරු සඳහා ඇති ආරක්ෂාව, තොරතුරු බෙදාහැරීමේදි මෙන්ම සංවේදි තොරතුරුවල ආරක්ෂාවේ ප්‍රමුඛත්වය දිනෙන් දින ඉහළ යමින් පවති. එබැවින් අතිතයේ මෙන් නොව වර්තමානයේ තොරතුරු සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය ඉතාම බලගතු සන්නිවේදන මෙවලමක් ලෙස පාලනය කරන බැවින් සැමවිටම ‘තර්ජන’ වෙනුවට ‘ධාරිතාව’ මත පදනම් වූ යුද්ධ හමුදාවක් නිර්මාණය කරගත යුතු බවත් මාධ්‍ය තුලින් තාක්ෂණයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කලයුතු බව වැඩිදුරටත් අවධාරණය කළහ.

ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් ශ්‍රී ලංකා සංඥා බලකාය ලද පන්නරය හා තාක්ෂණික දියුණුව තුලින් යුද්ධ හමුදාව ඉදිරියෙදි මුහුණදෙනු ලබන තාක්ෂණික අභියෝගයන් ජයගැනීම සඳහා වඩාත් සුදානම් බව ප්‍රකාශ කරන ලදී.

1943 වසරේදී කුඩා ඒකකයක් වශයෙන් ශ්‍රී ලංකාවෙහි බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ සංඥා සබඳතා සිදු කිරීම සඳහා පිහිටුවනු ලැබූ සංඥා බලකාය අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි තුලදි මෙන්ම රටෙහි ඇතිවූ කැරලි මැඩපැවැත්වීමේ මෙහෙයුම් තුලදි කැපිපෙනෙන සේවයක් ඉටු කල රෙජිමේන්තුවක් වේ. මේ වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි සන්නිවේදන සම්බන්ධතා, විද්‍යුත් සංග්‍රාමික කටයුතු, තොරතුරු තාක්ෂණික කටයුතු හා සයිබර් ආරක්ෂණ ක්‍රියාකාරකම් සිදු කරමින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකා සංඥා රෙජිමේන්තුව, සංඥා ඒකක 7 ක්, තොරතුරු තාක්ෂණ ඒකක 2 ක්, සංඥා උපකරණ අලුත් වැඩියා සහ නඩත්තු කිරීමේ ඒකකයක්, සයිබර් අවකාශ ආරක්ෂණ ඒකකයක්, විද්‍යුත් සංග්‍රාමික බලඝණයකින් හා සංඥා පුහුණු පාසලකින් සමන්විත වේ. ශ්‍රී ලංකා සංඥා බලකාය අණ දීම්, පාලන, සන්නිවේදනය, පරිගණක, සයිබර් හා බුද්ධිය (C51) තුලින් අභියෝග ජය ගැනීමට මෙන්ම නව සහස්රයේ සයිබර් අවකාශය තුල ඇතිවන සටන් පෙරමුණු වෙනුවෙන් සුදානම්ව සිටින බව මේජර් ජෙනරාල් විජේසිංහ මහතා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාවේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ශ්‍රී ලංකා සංඥා බලකායේ 75 වන සංවත්සර ලාංජනය හා වෙබ් අඩවිය එළිදැක්වීම ද සිදු කෙරිණි. තවද මෙහිදි සංවත්සර උත්සව, සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයින් ඇගයීමට ලක් කරන ලදි.

මෙම සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය සඳහා එංගලන්තය, රුසියාව, චීනය, ඉන්දියාව, පකිස්තානය සහ බංගලාදේශය යන රටවල් නියෝජනය කරමින් හමුදා සහ හමුදා නෙවන අන්තර් ජාතික තොරතුරු තාක්ෂණවේදින් සැලකිය යුතු පිරිසකට ආරාධනා කර ඇති අතර ඔවුන් එයට සහභාගි වන බවට සහතික කර ඇති බවද පැවසීය.

මෙම සමාරම්භක කතිකාවේදී  බුද්ධිමතුන්ගේ දැනුම හුවමාරුකරගැනීම තුලින් තොරතුරු තාක්ෂණික ගැටළු රාශීයක් පිළිබඳ මෙන්ම අනාගතයෙදි යුද්ධ හමුදාවේ තොරතුරු තාක්ෂණය හා සයිබර් අවකාශණයේ ඇති හැකියාවන් වැඩිදියුණු කරගැනීමට, ජාත්‍යන්තර මට්ටමින් ඇති සම්බන්ධතාවයන් පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

මෙම සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය ‘තරංග’ (‘WAVE’) ලෙස නම් කර ඇති අතර ‘සයිබර් අවකාශයත සදාතන යුධ පෙරමුණ’ යන තේමාව යටතේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී නොවැම්බර් මස 28 සහ 29 යන දෙදින පැවැත්විමට නියමිතව ඇත.

latest jordans | Nike