Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2016 16:36:08 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා විරුවන් සඳහා පදක්කම් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා පාබල හමුදා විරුවන් සඳහා රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම් ප්‍රදානය කිරීම ඉරිදා (13) දින පනාගොඩ යුද හමුදා ජනපදයෙහි පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.

එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් දේශය වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා පබල හමුදා රෙජිමේන්තු විරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, විශ්‍රාමික යුද හමුදා සාමාජිකයින් සහ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් වෙත යුද හමුදා ජනපදයෙහි පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීඩාංගණයේ පැවති උත්සවයේ දී රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම පිරිනමනු ලැබීය.

ශ්‍රී ලංකා පාබල හමුදා විරුවන් මව්බිමෙන් ත්‍රස්තවාදය සහමුලින්ම උපුටා දැමීම උදෙසා සිදු කරනු ලැබූ අපරිමිත සේවය සහ කැපකීරීම වෙනුවෙන් වීරෝදාර විභූෂණය(WV), වීර වික්‍රම විභූෂණය(WWV), රණ වික්‍රම පදක්කම (RWP) සහ රණ ශූර පදක්කම්(RSP) පිරිනමා ඇත.

මීට පෙර 2016 ඔක්තෝබර් මස 27 වන දින අතිගරුජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පදක්කම් ප්‍රදානය කිරීමේ උළෙලේ දී සහ 2016 නොවැම්බර් මස 3 වන දින යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රදානත්වයෙන් පනාගොඩ යුද හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබූ පදක්කම් ප්‍රදානය කිරීමේ උළෙලේ දී ද රණවිරුවන් සඳහා පදක්කම් ප්‍රදානය කරනු ලැබීය.

ඉරිදා (13) දින පනාගොඩ දී පවත්වනු ලැබූ පදක්කම් ප්‍රදානය කිරීමේ උළෙලේ දී පදක්කම් 420 ක් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිරිනැමූ අතර, මේවන විට පාබල හමුදා රෙජිමේන්තු විරුවන් සඳහා වීරෝදාර විභූෂණ පදක්කම් එකක්, වීර වික්‍රම පදක්කම හයක්, රණ වික්‍රම පදක්කම් දෙසිය අසු පහක් සහ රණ ශූර පදක්කම් හත්සිය හතලිස් නවයක් පිරිමා ඇත.

දේශය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක පමණ පැවති නිහඩතාවයකින් අනතුරුව පාබල හමුදා සංස්කෘතික කණ්ඩායමෙහි ‘රණ බෙර’ හඩ මධ්‍යයේ එදින පදක්කම් ප්‍රදානය කිරීමේ උළෙල ආරම්භ කරනු ලැබීය.

ඉන් අනතුරුව රණ වික්‍රම පදක්කම හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් හට පිරිනැමු අතර, තම තමන් විසින් ස්වේච්ඡාවෙන්ම සතුරු උවදුරුවලට මුහුණපාමින් පෞද්ගලිකව හෝ සාමුහිකව කරන ලද වීර ක්‍රියාවන් අරඹයා මෙම පදක්කම පිරිනමන ලදි.

පසුව රණ ශුර පදක්කම පිරිනැමිම සිදු කළ අතර, සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක් වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා මෙම පදක්කම පිරිනමනු ලැබේ.

තවද මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් මෙම උත්සවය අමතන ලදි. අනතුරුව ‘රත්නදීප ජන්ම භූමි’ දේශාභීමානි ගීතය වාදනයත් සමඟින් උත්සවයේ අවසානය සනිටුහන් විය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් රැසක් ද සහභාගි වූහ.

best Running shoes brand | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5