Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2016 02:39:24 Hours

යුද හමුදා සේවා වනිතා ඒකකයේ දෙවන සහන කණ්ඩායමත් බුලත්කොහුපිටියට ආධාර රැගෙන යයි

යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මියගේ මඟ පෙන්වීම මත එම ඒකකයේ තවත් කණ්ඩායමක් සහනාධාර රැසක් රැගෙන ආපදාවට ලක් වූ ජනතාව වෙසෙන දැරණියගල, බුලත්කොහුපිටිය ප්‍රදේශය වෙත සිකුරාදා (20) දින ගියහ. රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් ඇඳුම්, කිරිපිටි, හාල්, පරිප්පු, සීනි සහ සබන් ආදි අත්‍යවශ්‍ය ද්‍ර‍ව්‍ය පාර්සල් විශාල ප්‍ර‍මාණයක් මෙලෙස බෙදා හැරි අතර, ඒ සඳහා සේවා වනිතා ඒකකයේ සාමාජික පිරිසගේ සහ එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහයෝගය ලැබුණි. අවතැන් වුවන් සිටින ස්ථාන භාර රාජ්‍ය නිලධාරීන් හා සම්බන්ධ වී එම අවතැන්වූවන් රැඳී සිටින මධ්‍යස්ථාන වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා ඉහත ද්‍ර‍ව්‍යාධාර බෙදා දෙනු ලැබූ අතර, ඒ සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, අනෙකුත් සාමාජිකාවන් මෙන්ම කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි වූහ.Sport media | Nike