Header

Sri Lanka Army

Defender of the Nation

12th May 2016 10:32:34 Hours

නීතිවිරෝධි ලෙස දැව කැපීමේ යෙදී සිටි සැකකරුවන් අල්ලයි

මන්නාරම 54 වන සේනාංක මුලස්ථානයට අයත් 15 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ නිරීක්ෂණ මුර රාජකාරියේ යෙදෙමින් සිටි භට පිරිසක් වෙත කුංචිකුලම් ප්‍රදේශයේ දී සිකුරාදා (06) දින වනය තුල නීතිවිරෝධි ලෙස ගස් කපමින් සිටි පුද්ගලයින් පස් දෙනෙක් අල්ලා ගැනීමට සමත් වූහ. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනූව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් මෙලෙස සිදු කෙරෙන නීතිවිරෝධි දැව ජාවාරම මැඩලීමට හා ඒවාට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වන සංරක්ෂණ නිලධාරින් හා පොලිස් ස්ථාන වෙත සහයෝගය ලබාදීමට යුද හමුදාවට අවැසි උපදෙස් ලබාදුන්නේය.

මේ අනූව සැක සහිත ආකාරයට හැසිරුනු මෙම පුද්ගලයින් පස් දෙනා නිරීක්ෂණය කළ භට පිරිස අදාල සිවිල් පුද්ගලයින් නීති විරෝධි ගස් කැපීමේ නිරතව සිටින බව සොයා ගැනීමෙන් පසුව ඔවුන් සහ ඔවුන් සතුව තිබූ දැව කැපීමට යොදා ගත් උපකරණ ද අල්ලා ගනු ලැබීය.

මෙම භට පිරිස් විසින් 54 වන සේනාංකාධිපතිට කඩිනමින් මේ බව දන්වා සිටි අතර, හෙතෙම ක්ෂණිකව ක්‍රියාත්මක වී එම ප්‍රදේශය භාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි එච්.එම් වික්‍ර‍මසිංහ මහතා දැනුවත් කරනු ලැබීය. එම නිලධාරි අදාල ස්ථානයට පැමිණ මෙම සිද්ධියට සම්බන්ධ අයවලුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. පසුගිය සති කිහිපය තුල 54 වන සේනාංකයේ භට පිරිස් මන්නාරම - මඩු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මෙලෙස සිදු කෙරුණු ක්‍රියාවන් හා ඊට සම්බන්ධ සැකකරුවන් අල්ලා අදාල බලධාරින්ට භාරදීමට කටයුතු කලහ. 61 වන සේනාංකයට අයත් 612 බල සේනාවේ භටයින් පසුගිය අප්‍රේල් 21 වන දින මඩු රක්ෂිත ප්‍රදේශයේ දී නීතිවිරෝධි ලෙස බුරුත ගස් කපා ප්‍ර‍වාහනය කරමින් තිබූ දැව කඳන් තොගයක් අල්ලා ගනු ලැබීය.

මේ අතර, 2016 මාර්තු 31 වන දින කැළෑ සටන් පුහුණු අභ්‍යාසයක යෙදී සිටි වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද හමුදා භට කණ්ඩායමකට 61 වන සේනාංක බල ප්‍රදේශයට අයත් මඩු රක්ෂිතයේ දී කර ගෙන යමින් තිබූ නීතිවිරෝධි බුරුත දැව කැපීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට සමත් විය.