Header

Sri Lanka Army

Defender of the Nation

08th April 2016 20:37:25 Hours

‘විරුසර’ වරප්රසාද කාඩ්පත ප්රදානය කිරීමේ තවත් උත්සවයක් පනාගොඩ දී

බස්නාහිර පලාතේ පදිංචිව සිටින දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු 1560 දෙනෙකුට ප්රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්රසාද කාඩ්පත ප්රදානය කිරීමේ තවත් අදියරක් අද (08) පෙරවරුවේ පනාගොඩ දී පැවැත්විනි. එහි දී යුද හමුදා (1373), නාවික හමුදා (106), පොලිස් (26), ගුවන් හමුදා (45) සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (10) රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත ප්රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්රසාද කාඩ්පත ප්රදානය කිරීමේ IV වන අදියර ආරක්ෂක රාජ්ය අමාත්ය ගරු රුවන් විජේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් මෙසේ සිදු කෙරිනි. මෙම කාඩ්පත මගින් වෛද්ය, ආහාර ද්රව්ය, ගමනාගමන පහසුකම්, රෝහල් පහසුකම්, ණය ගනුදෙනු, වෘත්තිය පාඨමාලා ආදිය සහ තවත් පහසුකම් සඳහා දිවයිනේ ප්රධාන පෙලේ වාණිජ ආයතන 45 කට අධික ප්රමාණයකින් ප්රතිලාභ සහ වට්ටම් ප්රදානය කිරීම සිදු වන අතර, අමිල මෙහෙයක් කළ ආබාධිත රණවිරුවන් ඇතුළු රණවිරුවන් වෙත සමාජයේ ගෞරවාන්විත ප්රමුඛත්වයක් ලබාදීම ද මෙහි තවත් අරමුණකි. රාජ්ය ආරක්ෂක අමාත්ය රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක රාජ්ය අමාත්යාංශයේ ලේකම් ඒ.පී.ජී කිත්සිරි මහතා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, යුද හමුදා මාණ්ඩලික ප්රධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නාවික හා ගුවන් හමුදා මාණ්ඩලික ප්රධානින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ චන්ද්රරත්න පල්ලේගම මහතා, ශ්රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ ආරාධිතයින් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. උත්සවය සඳහා පැමිණි අමාත්යවරයා ගෞරවයෙන් පිළිගෙන ප්රධාන ශාලාව වෙත කැඳවා ගෙන යාමෙන් අනතුරුව සම්ප්රදායානුකුල පොල්තෙල් පහන දල්වනු ලැබීමෙන් දිනයේ වැඩසටහන ආරම්භ කරනු ලැබීය. අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ආශිර්වාදය මධ්යයේ ආරක්ෂක රාජ්ය අමාත්ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියගේ මග පෙන්වීම අනූව යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් ඇතුළු විරුවන් වෙත ‘විරුසර’ වරප්රසාද කාඩ්පත ප්රදානය කිරීම පසුගිය ජනවාරි මස ආරම්භ කෙරිනි. තවද, ‘විරුසර’ වරප්රසාද කාඩ්පත අදියර - III පළාත් මට්ටමින් ප්රදානය කිරීම පසුගියදා සාලියපූර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දීත්, කුරුවිට ගැමණු හේවා බලකා මූලස්ථානයේ දීත්, කුරුණෑගල, බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ දී ත් මෙන්ම අඹේපුස්ස ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දීත් පැවැත්විනි. දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු ලක්ෂ තුනකට අධික රණවිරුවන් වෙත මෙම ව්යාපෘතිය තුලින් එළඹෙන අප්රේල් මාසය වන විට අදියර 6 ක් තුල ඉහත හිමිකම් කාඩ්පත ලබාදීමට සැලසුම් කොට ඇත.Authentic Nike Sneakers | THE SNEAKER BULLETIN